gossip lanka

"එයා ගැන නරක ආරංචියක් ආවොත් මම මොනවා කරයිද කියලවත් දන්නෙ නැහැ.." - රංගන ශිල්පී සරත්ගේ බිරිඳ කියයි

සරත් කියන්නේ පුංචි තිරයටත් වඩා සජීවී මාධ්‍යක් වුනු වේදිකා නාට්‍යට සමීප චරිතයක්. විවිධ චරිත එක්ක පුංචි තිරයේත් වේදිකා නාට්‍යයේත් දකින්න ලැබෙන සරත් දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද කියන්නේ මෙහෙම කතාවක්.

කොහොමද ඔබට සරත්ව මුණගැසුණේ?
මහරගම තරුණසේවා සභාවේ නාට්‍ය පාසලේදී තමයි අපි මුණගැහුණේ.

මුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?
සාමාන්‍ය පෙළ කරද්දී අපි දෙන්නම ජයලාල් සර්ගෙ නාට්‍ය පන්තියෙ හිටියා. ඒත් අපි කතා කරලා නැහැ. තරුණ සේවා සභාවේදී අපි හොඳ යාළුවෝ වුණා. මම දැකපු විදියට තරුණසේවා සභාවේ නාට්‍ය කණ්ඩායමේ හිටිය දක්ෂම නළුවා එයා. එතකොට මට එයාව මාර චරිතයක් වෙලා තිබුණා.

පෙම්වතා කාලෙදී ඔහු?
එතකොටත් එයා මාර හොඳ යාළුවෙක්. යාළුවෙක් විදියට හැමදේම කියන්න ඉන්නෙ එයා. තාමත් මගේ හොඳම යාළුවා එයා.

සැමියෙක් විදියට ඔහු?
එයා බොහෝම ආදරණීය තාත්තා කෙනෙක්. මම ගුරුවරියක්. මට දරුවො දෙන්නගෙ සහ අනෙක් හැම වැඩකටම එයාගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම ලේඛන කටයුතුත් කරනවා. එයා ඒ හැම අකුරක්ම කියවනවා. මට එයාගෙන් ඇත්තටම ලොකු සහයෝගයක් තියෙනවා.

ජනප්‍රිය වෙන්න කලින් ඔහු මොනවගේ චරිතයක්ද?
නාට්‍ය පාසලේදී එයා කොහොමත් ජනප්‍රිය චරිතයක්. නමුත් ඒ කාලේ රටේ කට්ටිය එයාව හඳුනාගෙන හිටියෙ නැහැ. හැබැයි එයා ජනප්‍රිය වුණයි කියලත් එහෙම වෙනස් වුණේ නැහැ.

ඔහුගෙ ජනප්‍රියත්වය ඔබට කොහොමද බලපෑවේ?
මඟතොටදී යනකොට ඔහුට ලොකු ආදරයක් ලැබෙනවා ප්‍රේක්ෂකයන්ගෙන්. ඒකෙන් කොටසක් මටත් ලැබෙනවා. ඒක ඇත්තටම ලොකු වාසනාවක්.

රංගන භූමිකාවේ හිරවුණ ඔහුට පවුල සහ ඔබව මඟහැරෙන්නෙම නැද්ද?
මඟහැරෙන අවස්ථා තියෙනවා. සමහර දවස්වලට ඔහු ගොඩක් කාර්යබහුලයි. ඒත් අපිත් එක්ක ඉන්න වෙලාවට අර මඟහැරුණු අවස්ථාවන් ඔක්කොම අමතක වෙන්න ඉන්නවා.

ඔහු වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
ඔව්. එයාට ඇත්තටම වගකීම් දරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

සාමාන්‍ය ජීවිතයේදී ඔහු බොහොම ආදරණීය වගේම මිත්‍රශීලී චරිතයක්. යාළුවෝ වුණත් එයාව ආශ්‍රය කරන්න ගොඩක් කැමැතියි. සරත් ගෙදර කියලා දැන ගත්තොත් දුරකථන ඇමතුම් දීලා යාළුවො ඔහුව මුණගැහෙන්න එනවා.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස් විදියට හිතන කෙනෙක්ද?
බොහොම සැහැල්ලුවට හිතන කෙනෙක්. කිසිම ප්‍රශ්නයක් සීරියස් ගන්නෙ නැහැ.

ඔහු අද ඉන්න තැන ගැන ඔබ සතුටු වෙනවද?
ඔව්. එහෙත් සරත් වෙන රටක හිටිය නම් මීට වඩා හොඳට ඉගෙන ගන්න තිබුණා කියලා හිතෙනවා.

ගොඩක් දුක හිතුනම ඔහු?
බොහොම නිහඬයි. ඒ වෙලාවට ඉතින් මම කතා කරන්න යන්නෙත් නැහැ.

ගොඩක් ලොකු සතුටකින් ඉද්දී උපරිමයෙන් සතුටින් ඉන්නවා.

තරහ ගියාම?
කතා කරන්නෙම නැහැ. කේන්තිය පිටවෙයි කියලා වෙන්න ඇති.

වැඩිපුරම යන්න කැමැති තැන්?
එයාගෙ ගම වුණ අම්පාරේ, පදියතලාවේ තමයි වැඩිපුර යන්න කැමැති

ඔහු වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද?
මම හිතනවා මට කියලා. ළමයින්ටත් ඔහු ආදරෙයි.

ඔහුට නැතිවම බැරි කවුද?
මමයි, පුතයි, දුවයි. ඒ වගේම මම හිතනවා එයාගෙ අම්මත් ඒ අතරේ ඉන්නවා කියලා.

ඔහු කැමැති විලාසිතා ඩෙනිමයි, ටීෂර්ට් එකයි තමයි කැමැතිම. ඔහු ලොකුවට විලාසිතා කරන්නෙ නැහැ. ඒත් තැනට ගැළපෙන විදියට අඳිනවා.

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය
"බෝම්බයක් ඉතුරුයි" වේදිකා නාට්‍ය ඉවර වුණ වෙලාවේ එතැනට ආව බොහොම ප්‍රවීණ කෙනෙක් කිව්වා නළුවෙක් විදියට ලංකාවේ ඊළඟ බලාපොරොත්තුව සරත් කියලා. ඒක මට දරාගන්න බැරි සතුටක් වුණා. එයාව නාට්‍ය පාසලෙ ඉඳන්ම ඔය වචනෙ අහන තැනට වෙනකම්ම නිර්මාණය වෙනවා මම දැක්කා. ඉතින් ඒක මට ලොකු සතුටක්.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?
එහෙම වැරැදි දෙයක් නම් අහන්න ලැබිලා නැහැ.

එහෙම ආරංචියක් ආවොත් මොකද කරන්නෙ?
ඒකට නම් කිසිම සූදානමක් නැහැ. මම මොනවා කරයිද කියලවත් දන්නෙ නැහැ. ඒ වගේම එහෙම ආරංචියක් එන එකකුත් නැහැ.

ඔහු වැඩිපුරම සතුටු වුණු දවස
අපේ මුල්ම දරුවා (පුතා) ලැබුණ දවස.

සරත් ජීවිතයේ වැඩි වටිනාකමක් දෙන්නෙ මොනවටද?
එයාගෙ වෘත්තියට තමයි අංක එක දෙන්නෙ. මම හිතන්නෙ ඒ හා සමානව පවුලත් ඉන්නවා ඉතින්.

ඔහු ජීවිතයේ ජය ගත්ත දේවල්?
හැමදේම වගේ ඔහු ජයගෙන තියෙනවා. මම හිතනවා මාව ඔහුට ලැබුණ එකත් ජයග්‍රහණයක් කියලා. මොකද අපි අමාරුවෙන් තමයි ගෙවල්වලින් කැමැත්ත අරගෙන විවාහ වුණේ. ඒ වගේම අපිට පුතා ලැබුණෙත් විවාහ වෙලා අවුරුදු හතරකට විතර පස්සේ. වේදිකාවෙත් විවිධ පැතිවලින් එයා ජය අරන් තියෙනවා. සමහර අය හිතන්නෙ නැති පුංචි දේවල් අපිට ලොකු ජයග්‍රහණ විදියට හිතෙනවා.

ඔහුගේ විනෝදාංශ
සින්දු කියන එක, ගිටාර් වාදනය කිරීම සහ චිත්‍රපට නැරඹීම වගේ දේවල් තමයි එයාගේ විනෝදාංශ.

ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග
කිව්ව ගමන් මතක් වුණේ පුතාව තමයි. පුතයි දුවයි දෙන්නම ඉන්නවා. ඒත් මුල්ම දරුවා ලැබෙන්න ගොඩක් දුක් වින්දනේ.

ඔහුට ගැළපෙනම නිළිය?
මේනකා පීරිස්, වොල්ගා කියලා හිතනවා.

ඔහු රඟපෑව චරිත අතරින් සිත්ගත් චරිතය මොකක්ද?
බෝම්බයක් ඉතුරුයි වේදිකා නාට්‍යයේ කුමාරගේ චරිතයට කැමැතියි. මානසික අවපීඩනයට පත්වුණු හමුදා සෙබළෙකුගෙ චරිතයක් ඒක.

ඔහු ගැන අපි නොදන්න රහස්?
එයාට සංගීතය පැත්තෙන් ලොකු හැකියාවක් තියෙනවා. ඔහු වෝන්ටඩ් බෑන්ඩ් එකේ වාදනයටත් එකතු වුණා. මම හිතන්නෙ ඔහුට නිවේදන හැකියාවක් තියෙනවා. දවසක් මම අපේ පාසලේ සංගීත සන්දර්ශනයක නිවේදනය කරන්න එයාට අවස්ථාවක් හරි ගස්සලා දුන්නා. එදා නදීක ගුරුගේ ආවා. ඔහු කිව්වා රංගනය සහ නිවේදනය එකට එකතු වෙලා තියෙද්දී හරිම ආකර්ෂණීයයි කියලා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
gossip lanka