gossip lanka

රොෂාන් - රිද්මාට මවුපිය කිරුළු පලඳමින් පුංචි කුමාරයෙක් කැදැල්ලට ඇවිත්

ප්‍රවීණ රංගන ශිල්පි රොෂාන් පිලපිටියගේත් ඔහුගේ බිරිය රිද්මාගේත් කැදැල්ලට පුංචි අමුත්තෙක් එකතු වෙලා. මාස ගණනක් පුරා දකින්නට පෙරුම් පුරපු පුංචි සිඟිත්තා රොෂාන්ගෙයි රිද්මාගෙයි කැදැල්ලේ තවත් ආලෝකයක් වෙලා.

සිඟිත්තා ලැබෙන්න කලින් රිද්මා හදගැස්මේ කතාබහට එකතු කර ගත්ත අවස්ථාවේ ඇය අපිට කිව්වේ රොෂාන් වගේ පුතෙක් ලැබෙනවා නම් ඇය කැමැතියි කියලා.
ඔන්න රිද්මාගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරමින් පුතෙක් තමයි ඔවුන්ගේ කැදැල්ලට එකතු වෙලා ඉන්නේ. අලුත් අමුත්තා එක්ක අලුත් කතාබහකට රොෂාන් - රිද්මා ඉදිරියේදී එකතුª කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට කලින් රොෂාන් - රිද්මා ලබපු මවුපිය පදවියට මව්බිම සුබ පැතුම් එකතු කරන්න අපි අමතක කරන්නේ නැහැ.
gossip lanka