gossip lanka

නාමල්ගේ විවාහයට ආපු හැමෝම පුදුම කරවමින් මල්ලි රෝහිත කරපු වැඩේ - (video)

නාමල්- ලිමිනි විවාහය පෙරේදා දවසේ ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වුණා මාතෘකාවක් කිව්වොත් හරි.  පෙරේදා උදෑසන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විවාහය ලියාපදිංචි කරලා පෝරුවේ චාරිත්‍රත් බොහොම අපූරුවට අවසන් වෙලා තිබුනා.


උදෑසන ඒ උත්සවය චාම්ව පවුලේ ළඟම ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ සහභාගිත්වයෙන් සිද්ධ වුන අතරේ රාත්‍රී සාදය පැවැත්වුනේ  වීරකැටියේ කාල්ටන් උද්‍යානයේදී. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ආණ්ඩුවේත්, විපක්ෂයේත් ජනතා නියෝජිතයන් 225 දෙනාටම මේ වෙනුවෙන් ආරාධනා කරලා තිබුනා වගේම ව්‍යාපාරිකයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු තවත් ආරාධිතයන් ඉතා විශාල ප්‍රමාණයක් මේ වෙනුවෙන් සහභාගී වෙලා තිබුනා.

මේ අතරේ පවුලේ බාලයා එහෙමත් නැත්නම් ළඟදීම පිය පදවිය බලාපොරොත්තුවෙන් ඉන්න නාමල්ගේ පොඩි මල්ලි රෝහිත තමන්ගේ අයියගේ මේ සතුටු හිතෙන දවසේ හරිම අපූරු පුදුම කිරීමක් අයියා වෙනුවෙන් කරලා තියනවා. මේ ලස්සන දවස තවත් ලස්සන කරමින් රෝහිත එයාගේ අයියා වෙනුවෙන් බොහොම අපූරු ගීතයක් නිර්මාණය කරලා තියනවා. ඊයේ දවසේ උත්සවය අවස්ථාවේ ඔහු සජිවිවම මේ ගීතය ගයනා කළා වගේම මේ වෙද්දී ඒ වෙනුවෙන් නිර්මාණය වුන වීඩියෝවත් එක්කම ඒක බලාගන්න අවස්ථාවක් ඔන්න ලැබිලා තියනවා.    
gossip lanka