gossip lanka

2018 දී අතුරුදන්වූ බලංගොඩ තරුණයාගේ මළසිරුර කළුවර කැලෙන් මතුවෙයි - වැළලීයන්නට ගිය අභිරහස් මරණයක සුලමුල හෙළිවෙයි

පැල්මඩුල්ලේ බානගොඩ කෙම්පනාවත්ත ප‍්‍රදේශයේ මෙයට වසර 1 1/2 කට ඉහතදී සිදු කළ බිහිසුණුු මිනීමැරුමක තතු පසුගියදා අනාවරණ විය.

රාති‍්‍ර කාලයේදී පහරදී මරා දමා තිබුණේ බලංගොඩ - වලේබොඩ පදිංචිකරුවකුව සිටි කන්දෙදුරගේ රුවන් කුමාර (30) නම් තරුණයෙකි.
ඔහු ඉකුත් (2018) වර්ෂයේ පෙබරවාරි 08 වැනිදා උදේ නිවෙසින් පිටත්වී තිබුණේ බලංගොඩ නගරයට යන බව පවසමිනි.

ඔහු අවිවාහකයකු වුවත් බානගොඩ කෙම්පනාවත්ත ප‍්‍රදේශයේ කාන්තාවක සමග අනියම් ඇසුරෙන් ඔහුට දාව වයස අවුරුදු 3 ක පිරිමි දරුවකු සිටී.

ඔහු 2018 පෙබරවාරි 08 වැනිදා රාතී‍්‍ර 7.00 ට පමණ තම අනියම් භාර්යාවගේ නිවසට පැමිණ තිබේ. පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වූ අන්දමට කාන්තාවගේ පියා සමග ඔහු බහින්බස් වෙමින් ගැටුමක් ඇති කරගෙන තිබේ.

මෙම ගැටුම බේරන්නට නොහැකිවූ කාන්තාවගේ මව රාති‍්‍රයේ අසල්වාසී නිවසක දැරියකගේ කොටහළු මඟුල් ගෙදරක රැුස්ව සිටි පිරිසක් කැටුව ආවාය. එම පිරිස 12 දෙනෙක් පමණ වූ අතර ඔවුන්ගේ පහර දීමෙන් රුවන් කුමාර නමැති මෙම පුද්ගලයා මිය ගියේය.

ඔහු මිය යෑමෙන් පසු මෘත ශරීරය බානගොඩ පාරට ගෙනැවිත් දමා ඇත. පසුව අසළ වූ පාළු නිවසට මිනිය රැුගෙන ගොස් ඞීසල් තී‍්‍රවීල් රියකින් මිනිය හෙට්ටිකන්ද - කළුවර කැලේට රැුගෙන ගොස් එහි වළක් හාරා පස් දමා යටකර තිබේ.

2018/03/11 වැනිදා මරණකරුගේ වැඩිමහල් සොයුරිය රත්නපුර පොලිසියට පැමිණිල්ලක් කරමින් තම සොයුරා 08 වැනිදා සිට අතුරුදන් බව කියා සිටියාය. එහෙත් හෝඩුවාවකුදු නොමැති නිසා බලංගොඩ පොලිසියේත් පැමිණිල්ලක් කර තිබේ. 2017-07-26 වැනිදා යළිත් වැඩිමහල් සොහොයුරිය රත්නපුර පොලිසියේ මහජන සහන මැදිරියේ පැමිණිල්ලක් දමා තිබේ.

ඉක්බිති රත්නපුර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා විසින් මෙහි විමර්ශන කටයුතු නීතිය බලගැන්වීමේ අංශයට යොමු කරනු ලැබිණි.

 2019.09.01 වැනිදා පොලිස් විමර්ශනවලට අනුව සැකකරුවන් 04 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. වීරක්කොඩි ආරච්චිලාගේ විජේනායක (23), හාරදාස් මුදියන්සේලාගේ උදේනි මාලා රෝෂණී (42), ආරච්චිගමගේ ලලන්ත (45) සහ වීරක්කොඩි ආරච්චිලාගේ සමන් කුමාර (44) යන සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලදී ඉහත තොරතුරු අනාවරණය කරගත හැකි විය. සැකකරුවන් සැප්. 02 වැනිදා රත්නපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සැකකරුවන් මෙම මස 17 වැනිදා දක්වා රත්නපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්තුමිය විසින් රක්‍ෂිත බන්ධනාගාරගත කළාය.

රත්නපුර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් අනුව රත්නපුර නීතිය බල ගැන්වීමේ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජී. යූ. ලයනල්, උප පොලිස් පරීක්‍ෂක එස්. එච්. ටී. ඞී. ගාමිණී සහ පොලිස් සැරයන් (29077) අජිත් යන නිලධාරීහු පරීක්‍ෂණ කටයුතු මෙහෙයවූහ.

පැල්මඩුල්ල -තුසිත් සාගර, රත්නපුර - අසිත ඉන්දික වීරවර්ධන, නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන
gossip lanka