gossip lanka

ආලියා-රන්බීර් යුවළ හැමෝටම පේන්න ඇවිත් කරපු වැඩක් - (video)

සුපිරි බොලිවුඩ් තරු ආලියා බාත් සහ රන්බීර් කපූර් මේ වෙද්දී පෙම්වතුන් කියන එක මේ වෙද්දී කාටත් රහසක් නෙමෙයි. ඒ වගේම ඒ දෙන්නත් කලින්ට වඩා ප්‍රසිද්ධ ස්ථාන වල එකට ගමන් බිමන් යන එකත් දැන් ටිකක් හුරු පුරුදු දෙයක්. රූගත කිරීමකදි හරි නිවාඩු දවසකදී හරි මේ අලුත් ජෝඩුවගේ අපූරු අපූරු ඡායාරූප ඉඳහිට පැපරාසීන් හොයාගන්නවා වගේම ප්‍රේක්ෂකයන්ගෙන් ඒවාට ලැබෙන්නෙත් බොහොම උණුසුම් ප්‍රතිචාරයක්.

පහුගිය දවසක මුම්බායේ පැවැත්වුණු ගනේෂ් දේව පූජාවකට සහභාගී වෙලා හිටපු මේ යුවල ඔන්න ආපහු වතාවක් ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වෙන්න පටන් ගත්තා. මේක බොලිවුඩ් සුපිරි තරු රාශියක් සහභාගී වුන ටිකක් විශේෂ විදිහේ පුජාවක් කිව්වොත් හරි. ඉතින් ආලියා-රන්බීර් යුවල එක්ව මේකට සහභාගී වෙලා තියනවා වගේම ඡායාරූපවලට පෙනිසිටින්නත් අමතක කරලා තිබුනේ නෑ. ආලියා මේ වෙනුවෙන් සාරියකින් සැරසී සිටීමත් ගොඩක් අයගේ අවධානයට ලක්වෙලා තිබුනා.
gossip lanka