gossip lanka

"මම දැනුත් ඉන්නේ කටාර් වල මගේ photo එක අයින් කරන්න" - සාමණේර හිමිවරුන්ට ගහපු සිද්ධියට Facebook වීරයෝ කරපු මෝඩ වැඩේ - (video)

සාමණේර හිමිවරුන් දෙනමකට ඉතා අමානුෂික ලෙස පහර දුන් බව කියන පුද්ගලයකු ඊයේ (10දා) පස්වරු 6.30ට පමණ සැකපිට අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.


සාමණේර හිමිවරුන්ට පුද්ගලයකු ඉතා අමානුෂික ලෙස පහර දීමේ දර්ශන දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සහ විද්‍යුත් නාළිකා කිහිපයකම විකාශනය වී තිබිණි. ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය මෙම සාමණේර දෙනම හොරොව්පොතාන ප්‍රදේශයේ පිරිවෙනක වැඩ සිටින බවත් එම පිරිවෙන ආසන්නයේ වෙළෙඳසලක හිමිකරුවකු මෙම හිමිදෙනමට පහර දෙන බව හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පී.ජී.එස්.ආර්. සංජීව මහතා හඳුනා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන ප්‍රදේශයේම පදිංචිකරුවකු වන චමින්ද නොහොත් උටියා නමින් හඳුන්වන පුද්ගලයකු බව පොලිසිය සඳහන් කළේය.

විහාරස්ථානය ආසන්නයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා සාමණේර හිමිවරුන් ටොෆියක් හෝ චොකලට් එකක් සොරකමක් සිදුකළේ යැයි චෝදනා කරමින් පහර දී තිබෙන බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කරමින් පවතින බවත් පොලිස් පරීක්‍ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පහරදෙන අවස්ථාවේ තවත් පුද්ගලයන් කිහිපදෙනකු එම ස්ථානයේ සිට තිබෙන බවත් මෙය ජංගම දුරකථනයකින් පටිගත කළේ කවුරුන්ද යන්න පරීක්‍ෂණ පවත්වන බවත් පසුව සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.  මෙම වීඩියෝ පටයේ දර්ශනය වන ආකාරයට ඉතාමත් අමානුෂික ආකාරයෙන් මෙම පුද්ගලයා වැරෙන් පහර දෙන බවත් තවත් පුද්ගලයන් දෙදෙනකු  ඒ සමඟම පැමිණ එම පුද්ගලයාගෙන් සාමණේර හිමිවරුන් දෙදෙනා බේරා ගැනීම සිදුකෙරෙන බවද පොලිසිය කියයි.  ඇතැම්විට පසුගිය දිනවල මෙම විහාරස්ථානයේ පිටස්තර පුද්ගලයන් විශාල වශයෙන් පැමිණ සිටි බවත් එම පැමිණි කවුරුන් හෝ මෙම සිද්ධිය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදා හරින්නට ඇතැයි පොලිසිය විශ්වාස පළ කර සිටී.

මේ ඔබ ඉහත දැක්කේ මේ සිද්ධිය ගැන සඳහන් වූ පුවතයි. නමුත් පුරවැසි වගකීම ඉටු කිරීමට ගිය Facebook සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් වැරදි පුද්ගලයෙකුට මෙම වැරැද්ද පටවා ඔහුගේ නාමය කැත කරන්න උත්සහ කර තිබෙනවා. චමින්ද කියන එම පුද්ගලයාද Facebook Live වීඩියෝවක් මඟීන් තමා එම වැරැද්දට සම්බන්ධ නැති බව පවසනවා.

"මිත්‍රවරුනි මාගේ පොටෝ එක මේ වෙලාවේ share වෙනවා හාමුදුරුවෝ දෙනමකට පහරදුන් බවට එය අසත්‍ය තොරතුරකි. මා මේ වෙලාවෙත් කටාර් හි රාජකාරියේ සේවය කරන අතර මේ මා වැඩ කරන වෙලාව. මේ මාගේ කටාර් ID කාර්ඩ් එක. මෙය මට කැළලක් නිසා වහාම මාගේ පොටෝ එක ඉවත් කරන්න."
gossip lanka