gossip lanka

22 හැවිරිදි පොලිස් කොස්තාපල්වරිකට ලිංගික හිරිහැර කරන්න ගිය 36 හැවිරිදි පොලිස් කොස්තාපල්ට සිදු වූ දේ !

පොලිස් කාන්තා විවේකාගාරය තුළදී කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික හිරිහැර කිරීමට තැත්කළ බව කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නුගේගොඩ පොලිස් කොස්තාපල්වරයා නුගේගොඩ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.


අත්අඩංගුවට ගත් 36 හැවිරිදි සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි ද එම නිලධාරියා කීය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සේවය කරන පොලිස් ස්ථානයේම රාජකාරී කරනු ලබන 22 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරියක සිය පොලිස් කාන්තා නේවාසිකාගාරයේ නිදාගෙන සිටින අතරතුර ඒ තුළට අනවසරයෙන් ඇතුළු වී ඇති සැකකාර පොලිස් කොස්තාපල්වරයා කොස්තාපල්වරියගේ අතින් අල්ලා ලිංගික හිරිහැර කිරීමට උත්සාහ කර ඇතැයි ලැබුණු පැමිණිල්ල මත පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව ද එම පොලිස් නිලධාරියා කීය.

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්, පොලිස් අධිකාරි රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වේ.

දිවයින
gossip lanka