gossip lanka

මිතුරන් සමඟ දිය නාද්දී සැමියා රළ පහරට හසුව ගසාගෙන යයි - අලූත බැන්ඳ යුවළගේ පී‍්‍රතිය පී‍්‍රතිපුර මුහුදේ ගිලී යයි

මේ දිනවල මුහුදේ පවතින චණ්ඩ රළු ස්වභාවය පිළිබඳව මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කර සිටිය ද ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා හැඳල පී‍්‍රතිපුර මුහුදේ දියනෑමට ගිය පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ සිටි මීට සතියකට පමණ පෙර විවාහ වී සිටි 25 හැවිරිදි තරුණ විවාහකයකු රළ පහරකට ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත් වීමේ ශෝකජනක සිද්ධියක් ඊයේ (02 දා) රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැති පශ්චාත් හදිසි මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයකදී අනාවරණය විය.
ඉකුත් ඉරු දින (01 දා) පස්වරු 3.30 ට පමණ සිදුවී ඇති මෙම සිද්ධියෙන් මියගොස් ඇති තරුණයාගේ සිරුර එදින අතුරුදන්ව තිබී ඇති අතර එම සිරුර ඊයේ (02 ද) උදෑසන හමුවීමෙන් පසුව එහි පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය ඊයේ (02 දා) දහවල් සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූ අන්දමට මීට සතියකට පෙර විවාහ වී ඇති මෙම මියගිය පුද්ගලයාගේ අලූත බැඳපු මනාලිය ද මෙම ගමනට එක්වී ඇති බවත් මිතුරන් සමඟ මුහුදු වෙරළේදී රා පානය කර විනෝද වෙමින් සිටියදී එකවර පැමිණි රළ පහරකට හසුවී මෙම අවාසනාවන්ත සිද්ධිය ඇති වී තිබෙන බවකි.

මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය ටයර් කම්හලේ යන්ත‍්‍ර කි‍්‍රයාකරුවෙක් වූ වැල්ලම්පිටිය, සේදවත්ත සිරිපාල පිංතු මාවතේ විසූ දිනූෂ ජයංග සුරේන්ද්‍ර (29) නමැත්තෙකි.

රාගම අතිරේක - රිචඞ් ජී. සිල්වා
gossip lanka