gossip lanka

"මම කිසිම කෙනෙක් අනුකරණය කරන්නේ නැහැ, අනිත් අයට වඩා වෙනස් විදියට ෆැෂන් කරලා අනන්‍යතාවය තියාගන්න මම කැමතියි"- නදිනි ප්‍රේමදාස

ෆැෂන් ගැන මොකද හිතන්නේ?

ෆැෂන් කියන්නේ ඕනම කෙනෙක් කරන දෙයක්. ලස්සනට ඉන්න ඕනිනම් ඉතිං ෆැෂන් කරන්න ඕන. හැබැයි තමන්ට ගැළපෙන විදිහට.

 ෆැෂන් කරද්දි කවුරුහරි අනුකරණය කරනවාද?

නැහැ. මම කිසිම කෙනෙක් අනුකරණය කරන්නේ නැහැ. මම ඉස්සර ඉඳන්ම මගේ ඇඳුම් මමමයි හදාගෙන අඳින්නේ. අනිත් අයට වඩා වෙනස් විදියට ෆැෂන් කරලා අනන්‍යතාවය තියාගන්න මම කැමතියි.

 පුරුද්දක් විදියට සැලෝන් යනවද?

 සැලෝන් යනවා කොණ්ඩය හදාගන්න. මම හිතන්නේ ෆැෂන් එකයි සැලෝන් එකයි කියන්නේ දෙකක්.

කැමතිම හෙයා ස්ටයිල් එක කිව්වොත්?

මම ඇඳුමට අනුව හෙයා ස්ටයිල් එක වෙනස් කරනවා. ඒත් ගොඩක් වෙලාවට ලූස් හෙයාර් තියාගන්න තමයි කැමති.

ෆැෂන් කරද්දි දිග කොණ්ඩයද ලස්සන? කොට කොණ්ඩයද?

එහෙම කියන්න බැහැ. කෙනාගේ මුහුණ හා ඇඳුම අනුව තමයි ඒ දේවල් බලපාන්නේ.

ෆැෂන් තෝරාගැනීම් කරන්නේ කොහොමද?

මගේ ඇඟට උචිතනම් ගැළපෙනවනම් තමයි මම ඇඳුමක් ගන්නේ.

පුරුද්දක් විදියට ඔරලෝසු පළඳිනවාද?

ඔව්.

ඔරලෝසු බඳින්නේ ෆැෂන් කරන්නද? වෙලාව බලන්නද?

ප්‍රධාන අරමුණ වෙලාව බලාගැනීම. ඒත් විවිධ මාදිලියේ ඔරලෝසු තියෙනවා. සමහර අය ඔරලෝසුව ආභණයක් ලෙසට පළඳිනවා.

මොබයිල් පෝන් එකක් පාවිච්චි කරන්නේ ෆැෂන් එකටද? අවශ්‍යතාවන් වලටද?

මොබයිල් පෝන් එකනම් අවශ්‍යතාවන්වලට තමයි පාවිච්චි කරන්නෙ. ෆැෂන් එකක් නෙවෙයි මොබයිල් එක. හැමෝම ළඟ දැං මොබයිල් එකක් තියෙනවා.

ඔරලෝසු විතරක් නෙමෙයි හෑන්ඩ් බෑග් එකත් වැදගත් නේද?

අනිවාර්යයෙන්ම ගමනක් යද්දී අවශ්‍ය හැමදේම දාගෙන යන්නේ බෑග් එකේ.

ෆැෂන් කරන්නේ ෂොපින් කරලද? නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් ද?

මම නම් දෙකෙන්ම ෂොපින් කරනවා.

සෙරෙප්පු වලට තියෙන්නේ මොනවගේ කැමැත්තක්ද?

මම සාමාන්‍ය ජීවිතයේදී නම් සාමාන්‍ය සෙරෙප්පු දෙකක් පළඳිනවා. විශේෂ අවස්ථාවකදී වගේ නම් හීල්ස් පාවිච්චි කරනවා. මම මගේ විලාසිතාවන් තෝරා ගන්නේ එකකට එකක් ගැළපෙන විදියටයි.

ගමනක් යද්දි අඳින්න කැමතිම ඇඳුමක් තියෙනවද?

මම ගොඩක් අඳින්න කැමති ඩෙනිම් එකයි ටී ෂර්ට් එකයි.

 උත්සවයකට යද්දි අඳින්න කැමති මොන ඇඳුමක්ද?

සාරි අඳිනවා. ගවුම් අඳින්නත් කැමතියි.

ජුවලරිස් ගැන තියෙන්නේ කොහොම උනන්දුවක්ද?

මම ඇඳුම අනුව තමයි ජුවලරි පාවිච්චි කරන්නේ. ඇඳුම ගොඩක් සංකීර්ණ නම් ජුවලරි පාවිච්චි කරන්නේ නැහැ. මම හැමදේම භාවිත කරනවා උචිත විදියට.

ෆැෂන් කරද්දි ශරීර වර්ණය කෙරෙහි සැලකිලිමත් වෙන්නම ඕනද?

එහෙම දෙයක් නැහැ.

ටැටූ ෆැෂන් වලදී අත්‍යවශ්‍යද?

 නැහැ. ටැටූ අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. තමන් කැමතිනම් ටැටූ ගහන්න පුළුවන්.

ෆැෂන් කරන්න ගිහින් අමාරුවේ වැටිලා නැද්ද?

නැහැ. අද වෙනකම් නම් මුකුත් වෙලා නැහැ.

හෙයාර් කලර් කරන්න කැමති නැද්ද?

මම කැමතියි හෙයාර් කලර් කරන්න. කාලෙන් කාලෙට හෙයාර් කලර් කරනවා.

ඇඳුමක් අඳිද්දි කැමති මොනවගේ පාට වලටද?

මම කැමතියි කොළපාට කහ පාට කළු පාට ඇඳුම් වලට සාමාන්‍ය ජීවිතයේදී ලා පාට අඳිනවා. හැබැයි ප්‍රසංග වේදිකාවලදීනම් තදපාට අඳිනවා.

දිගට අඳින්නද කැමති කොටට අඳින්නද?

මම දෙවිදියටම කැමතියි.

ෆැෂන් කරද්දි ජිම් යන්නම ඕනද?

ජම් යන්නේ ෆැෂන් කරන්න නෙවෙයි. සමහර අය ෆැෂන් කරන්න ජිම් යනවා. මම නම් හිතනනේ එහෙම නෙමෙයි. තමන් සෞඛ්‍ය සම්පන්නව ඉන්නයි ජිම් යන්නේ.

ජිම් යන එකද හොද කෑම පාලනයද?

දෙකම එක වගේ වැදගත් කියලයි මට හිතෙන්නේ. සමබරව පවත්වගන්න ඕන. කෑම පාලනය කරලා හැඩයක් පවත්ව ගන්න ජිම් යන්න ඕන.

ෆැෂන් කරද්දි බලන්නේ සරලකමද පහසුවද?

මම ගොඩක් දුරට බලන්නේ පහසුව.

"දිවයින"
නදීමාලි ආරියරත්න
gossip lanka