gossip lanka

අවුරුදු දෙකේ දැරියගේ අතින් බොත්තම එබී විසිඑක්‌ හැවිරිදි මව වාහනයේ වීදුරුවට ගෙල හසුවී මියයයි

තම දෙහැවිරිදි දියණිය වාහනයේ විවෘත කර තිබූ ඉදිරිපස ආසනයේ වීදුරුවෙන් ඉවතට ගැනීමට උත්සාහ කළ විස්‌එක්‌ හැවිරිදි මවක්‌ එම දරුවා විසින් එම වීදුරුවේ ස්‌වයංක්‍රීය බොත්තම ක්‍රියාත්මක කිරීම නිසා ගෙල සිරවී මියගොස්‌ තිබේ. බෙලරූස්‌ රාජ්‍යයේ යුලියා ෂර්කෝ නැමති මෙම මව මියගොස්‌ ඇත්තේ ඇගේ විසිඑක්‌ වන උපන් දිනයේදීමය.


ඔවුන්ගේ බී. එම්. ඩබ්ලිව්. රථයේ අඩක්‌ විවෘත කර තිබූ වීදුරුව ඔස්‌සේ දරුවා පිටතට ගැනීමට උත්සාහ කරද්දි දරුවා ස්‌වයංක්‍රීය බොත්තම ඔබා තිබේ.

ඒ අවස්‌ථාවේ මවගේ ගෙල වාහනයේ වීදුරුවට සිරවී වීදුරු වැසී තිබේ.

පසුව ඇගේ සැමියා එම ස්‌ථානයට පැමිණ වීදුරුව කඩා ඇය ඉවතට ගන්නා විට ඇය සිහිසුන්ව සිට තිබේ.

පසුව වහාම ඇය රෝහල්ගත කරන ලද අතර මොළයට සිදුව තිබූ දරුණු හානි නිසා පසුව ඇය මියගොස්‌ තිබේ.

ඇය දෙදරු මවකි.
gossip lanka