gossip lanka

"වසා ඇත" පුවරුව පාරට පෙනෙනසේ හරවලා, සේවිකාවගේ මුඛයට ගම්ටේප් අලවා මුදල් හා රන් අබරණ පැහැරගනිති

මොරටුව ගාලූපාරේ ඉඩම ප‍්‍රදේශයේ රෙදිපිලි වෙළෙඳ සැලකට ඇඳුම් මිලදී ගන්නා මුවාවෙන් ඇතුල්වු තිදෙනෙක් එහි සේවිකාවගේ අත් සහ මුඛයට ගම් ටේප් ගසා රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලක් සහ රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.

 02 දා පස්වරුෙවි ටී ෂර්ටි මිලදී ගැනීමට යැයි පවසා වෙළෙදසැලට ඇතුල්වු කොල්ලකරුවන් වසා ඇත යන පුවරුව ගාලූ පාරට පෙනෙන සේ හරවා එහි සේවිකාවට පිස්තෝලයක් වැනි යමක් එල්ලකර ඇයගේ ගෙල බැඳි රන්මාලය සහ මුදුවද කොල්ලකා තිබේ.

 පසුව ඇයගේ අත්වලට සහ කටට ගම්ටේප් ගසා සැකකරුවන් පලාගොස් තිබේ.

 සිද්ධිය සමිබන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් පරිදි මොරටුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.
gossip lanka