gossip lanka

ඉතාලියේ රූ රැජින තරඟයේ අවසන් වටයට තේරුණු ශ්‍රී ලාංකික සුරූපිණිය - (Photos)

ඉතාලියේ පැවැත්වෙන 2019 වර්ෂයේ රූ රැජින තේරීමේ අවසන් මහා තරගයට ශ්‍රී ලාංකික තරුණියක වන සෙව්මි තාරුකා ප්‍රනාන්දු (20) සුදුසුකම් ලබා සිටින්නීය.

තරගය ඊයේ  (06) වනේතෝ පළාතේ යෙසොලෝ නගරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි .


ඒ සදහා ඉතාලියේ සියලු පළාත් නියෝජනය කරමින් තරුණියන් 80 දෙනෙක් සුදුසුකම් ලබා සිටින අතර වෙනේතෝ පළාතට අයත් පාදොවා දිස්ත්‍රික්කයේ කම්පොසම්පියෙරෝ ග්‍රාමයේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සෙව්මි තාරුකා ප්‍රනාන්දු (20) මේ සඳහා සුදුසුකම් ලබා තිබේ.

අංක 62 යටතේ ඇය තරග වදී. ඉතාලියේ ප්‍රධාන රූපවාහිනි නාලිකාව වන රායි 1 මගින් ඊයේ ( 6) රාත්‍රී 9.25 සිට සජීවී විකාශනය ලබා දෙන අතර ඉතාලි ලියාපදිංචි දුරකථන අංකයක් හිමි අයෙකුට තමන් කැමති තරඟ කාරිය සදහා ඡන්දය භාවිතා කිරීම සදහා අවස්තාව ලබා දී ඇත.

එක් දුරකථන අංකයක් මගින් ( නිවෙස් ස්ථිර දුරකථන හා ජංගම දුරකථන ) ඡන්ද 5ක් ලබා දිය හැක.

ශ්‍රී ලංකා මාතාවට ආඩම්බර විය හැකි වටිනා අවස්ථාවක් අද දින ඉතාලියේ ජිවත්වන සියලු ශ්‍රී ලාංකිකයින් ඉදිරියේ ඇති හෙයින් ඉතාලි තරගකාරියන් 79 දෙනෙක් සමග අංක 62 යටතේ තරග වදින සෙව්මි තාරුකා හට එස්.එම් එස් චන්ද පහක් ඔබේ දුරකතනයෙන් ලබා දී අභියෝගය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කිරීමට ඇයට ශක්තියක් වන ලෙස ඉතාලියේ ජිවත්වන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් පාදුවා ශ්‍රී ලාංකිකයෝ ඉල්ලා සිටිති.

"ලංකාදීප"
gossip lanka