gossip lanka

කාම ආශාව නිසා තමන් හදාවඩාගත් ආච්චි අම්මා මරා සිරගෙදරට ගිය අවුරුදු 17 පුංචි කෙල්ලගේ සංවේදී කතාව

"ඔයාට වයස කීයද?"

"අවුරුදු දාහතයි.."

"කවද්ද ඇතුළට ආවේ..?"

"මීට මාස හයකට විතර කලින්.."


"මොකද්ද කරපු වරද.."

"වරද වරද..."

මාගේ පැනයට සෘජු පිළිතුරුක් නොදුන් ඇය එකම වචනය තුන් හතර පාරක් එසේ මිමිණුවා.

"ඔයා කොල්ලත් එක්ක එකතු වෙලා ආච්චිව මරලා හැංඟුවා නේද..?"

මා කී දෙයින් තුෂ්නිම්භූත වූ ඇය විශ්මයාර්ථය පිරී දෙනෙතින් මා දෙස බැලුවා. ඒ ලාබාල දෙනෙතේ තෙරපෙන කඳුළු කැට මගේ සිතට කනස්සල්ලක් ගෙන දුන්නේ මේ පුංචි එකි අමාරුවේ වැටී අවසානයයි නේද ලෙසින් මසිතේ ඇති වූ අදහස නිසයි.

"ඇයි බයවෙලා වගේ..."

"අපේ අතින් එහෙම දෙයක් වුණේ අපේම වරද නිසා.."

"කවුද අපි කිව්වේ.."

"මමයි එයයි.."

"එයා කිව්වේ ඔයාගේ බෝයි ෆ්‍රෙර්න්ඩ් ද?"

"ඔව්.."

"දැන් එයා කොහෙද ඉන්නේ..."

"අනේ මම හිතන්නෙ මේ හිර ගෙදරම පිරිමි පැත්තේ.."

"තාමත් එයා ගැන හිතේ ආදරේ තියනවද?"

"ම්ම්ම්ම්ම්.. නැත්තෙම නෑ. කොහොම වුණත් කවදහරි මම කසාඳ බඳින්නේ එයාවමයි.."

"ඇයි ඒ..?"

"මම එයාට දෙන්න ඕනි සේරම දීලා ඉවරයි.. වෙන කොල්ලෙකුට දෙන්න මගේ ළඟ මොනවත් ඉතිරි වෙලා නෑ.."

"ඇයි පුංචි වයසේදි කොල්ලෙක් එක්ක යාළුවෙලා ඔය තරම් දුර දිග ගියේ..?"

"මේකයි.. ගෙදර හිටියේ මමයි ආච්චියි විතරයි. ඉස්කෝලේ ගිහින් ක්ලාසුත් ගිහින් ගෙදර එද්දි රෑ බෝ වෙනවා. එයා අපේ ගෙවල් ළඟ. එයත් මම ගිය ඉස්කෝලෙට ගියේ. අපි දෙන්නා හවස ක්ලාස් ගියෙත් එකට.."

"ක්ලාස් ඇරෙද්දි කළුවර වෙනවා. මම කලුවරේ තනියම යන්න බයයි. එයා තමයි මාව ගෙදරට ඇරලවන්නේ. බස් එකෙන් බැහැලා ගෙදරට කිලෝමීටර් බාගෙකට වැඩියේ පයින් ඇවිදගෙන එන්න ඕන. ඔය එන මඟදි තමයි අපි දෙන්නා අතරේ ආදරයක් ඇති වුණේ.."

"පස්සෙ හැමදාම අපි ගෙදරට එන්න කලින් කලුවර තැනකට වෙලා තුරුල් වෙලා ඉන්නවා. රෑ වුණාට ආච්චි බනින්නෙත් නෑ. ඔහොම ඉන්නකොට තමයි එයා රෑට රෑට මගේ කාමරේට එන්න පුරුදු උනේ.."

"දවස් කීයක් විතර ආවද..?"

"මාස දෙකක් විතර තිස්සෙ සතියකට දවස් දෙක තුනක් වගේ ආවා.."

"ඕගොල්ල අතරේ මොන වගේ ඇසුරක්ද තිබුණේ..?"

"අපි දෙන්නා අපේ ලෝකෙක හිටියා.."

"බය හිතුනේ නැද්ද..?"

"මොනවටද?"

"එයාගෙන් ඔයාට බබෙක්වත් ලැබෙයි කියලා.."

"ඒ කාලේ එහෙම බයක් තිබුණේ නැහැ.."

"ඔයා මහ පුදුම ළමෙක්නේ.."

"ඔව් මට ඒ දවස්වල මුකුත් තේරුණේ නැහැ. එයාගේ තුරුලට වෙලා ඉන්න එක ගැනමයි මගේ හිතේ තිබුණේ..."

"ඇයි ආච්චිව මැරුවේ..?"

"එදා රෑ දොළහත් පහුවෙලා එයා කාමරේට ආවේ. අපිට නින්ද යනකොට පාන්දර හතර විතර වෙන්න ඇති. එකපාරටම ඇහැ ඇරුණේ ආච්චි දොරට ගහන සද්දෙට.."

"ඔයා දොර ඇරියද?"

"නෑර ඉන්න බැරිවුණා.."

"එයා ඇතුළෙ නේ..?"

"ඔව් එයා දොර අස්සෙ හැංඟුණා. මම දොර අරිනකොටම ආච්චි ඇතුළට ආවා. එයා දොර අස්සෙ ඉන්නවා ආච්චි දැක්කා. දැකලා ආච්චි කෑ ගහන්න පටන් ගත්තා. එයා එකපාරටම පැනලා ආච්චිගේ කටවහලා තදින් අල්ල ගත්තා.."

"ඔයා මොනවද කළේ.."

"මම ඇඳේ තිබුණ බෙඩ් ෂීට් එක අරගෙන ආච්චිගේ මූණට දාලා වැහුවා.."

"පස්සෙ..?"

"එයා ඒ රෙද්දෙන් ආච්චිගේ මූණ තදින් වහලා අල්ලා ගත්තා. ටික වෙලාවකින් ආච්චිගේ දැඟලිල්ල නතර වුණා. බලද්දි ආච්චි මැරිලා.. මම හොඳටම බයවෙලා. එයා මාව තුරුල් කරගත්තා ඔයා බයවෙන්න එපා කියලා.."

"පස්සේ එයා ගිහින් පැයකට විතර පස්සෙ කාර් එකකුත් අරන් ආවා. ඒ එද්දි කලුපාට ඉටි රෙදියි ටේප් එකකුයි ගෙනත් තිබුණා. අපි ආච්චිගේ මිනිය ඉටි රෙද්දෙන් ඔතලා ටේප්වලින් අලවලා කලුවර වෙනකම් ඉඳලා කාර් එකේ ඩිකියට දාගෙන සෑහෙන දුරක් ගියා.."

"පස්සේ මිනිය කන්දකින් පහළට දාලා අපි ආවා.."

"පහුවදා හවස මම අම්මට කෝල් කරලා කිව්වා ඊයේ හවස ඉඳලා ආච්චි ගෙදර නෑ කියලා. අම්මලා කලබල වෙලා ආච්චිව හොයන්න ගත්තා. එදා රෑ වෙද්දි අම්මයි පුංචි අම්මලා ලොකු අම්මලයි ගෙදර ආවා. මම ඒ කට්ටියට ලෝකෙ නැති බොරු කිව්වා. අන්තිමට මාවයි එයාවයි පොලීසියෙන් අල්ලගත්තා.."

"මට ආච්චි ගැන හරිම දුකයි. අම්මයි තාත්තයි තරහ වෙලා දෙපැත්තට වුණු දවසේ ඉඳලා ආච්චි තමයි මාව බලාගත්තේ.."

"එතකොට ඔයාට වයස කීයක් විතර ඇද්ද..?"

"අනේ මට අවුරුදු පහක් හයක් ඇති. එදා ඉඳලා එයා මාව ඇස් දෙක වගේ රැක්කේ. ඒත්.. අන්තිමට එයාව මරලා මම පුදුම පවක් කරගත්තේ.."

ඒ කතාව අවසානයේ ඇගේ හැඬුම විලාපයක් බවට පත්වුණා. එඒ හඬ ඇසුන බන්ධනාගාර නියාමකවරියන් දෙදෙනෙකු පැමිණ ඇය කැඳවාගෙන යන්නට වූ අතර මම ප්‍රධාන ජේලර්වරියගේ නිල කාමරයට ගොඩ වූයේ ඇය ගැන සිතින් දුක් වෙමිනුයි.

තක්ෂිලා ජයසේකර
gossip lanka