gossip lanka

බලු පැටව් දෙන්නෙක් අමු අමුවේ මරා දාපු හැටි CCTV එකේ සටහන් වෙලා පස්සේ ඇප ඉල්ලලා කූඩුවෙන් එලියට එන්නත් හදන පාපතරයා - (video)

මිනිස්සුන්ට වගේම සතුන්ටත් ආදරය කරුණාව ඕන. පොඩි කාලේ ඉඳලා අපි ඉගන ගන්නේ එහෙම. අපිට උගන්නන්නේ එහෙම. මොකද මිනිස්සුන්ගේ වගේම සතුන්ගේ වටිනාකමත් එසේ මෙසේ එකක් නෙමෙයි කියලා අපි හැමෝම දන්න නිසා. සතුන්ට පණ වගේ ආදරය කරන මිනිස්සු බොහොමයක් අතරේ නොමිනිසුන් වගේ හැසිරෙන මිනිස්සුත් නැතුවම නෙමෙයි.
මොනතරම් අහන්න අකමැති වුණත් ඒ වගේ කතා ගණනාවක්ම පහුගිය කාලේ එක දිගට ඇහුනා ඔබට මතක ඇති. මීගමුවේ චාලි වගේ අහිංසක බලු සුරතුලුන් ගණනාවක්ම පහුගිය කලේ මිනිස් වේශයෙන් ආපු තිරිසනුන් අතින් විනාශයට පත්වුනා අපි හැමෝටම මතකයි. මේ එවැනි ආකාරයේ 13 වැනි සිද්ධිය.

අකමැත්තෙන් වුනත් අදත් මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්මයි. මේක සිද්ධ වෙලා තියෙන්නේ මාලිගාවත්ත පැත්තේ පහුගිය 11 වෙනිදා. පාන්දර 3ට විතර කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. හිතක් පපුවක් නැති අමනුස්සයෙක් පුංචි සුරතල් බලු පැටවු තුන්දෙනෙක්ව බොහොම අමානුෂික විදිහට ඝාතනය කරන්න දරපු උත්සහයක් අහම්බෙන් ළඟ පාත ගෙදරක තිබුන සීසීටීවී එකක මේ විදිහට සටහන් වෙලා තියනවා. දිගම දිග පොල්ලකින් සතෙකුට මැරෙනකන්ම පහර දෙන්න පුළුවන් කෙනෙක් තවදුරටත් මනුස්සයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්කමක් නෑ කියලා තමයි අපිට නම් හිතෙන්නේ. පොලු පහර කාලා වේදනාවේ කෑ ගහන දඟලන ඒ පුංචි පැටවු දිහා බල බල තව තවත් පහර එල්ල කරන මේ මිනිහා නිසා අහිංසක සතුන් දෙන්නෙක් එතනම මිය ගිහිල්ල තියනව. අනිත් කෙනාටත් කකුලක් එහෙම කැඩිලා ටිකක් අමාරුයි කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. 

කොහොම වුනත් මේක දැකපු ගෙදර අය දෙපාරක් හිතන්නේ නැතුව මේ වීඩියෝ දර්ශන පොලිසියට ලබා දීමෙන් පස්සේ මේ අමනුස්ස වැඩේ කරපු කෙනාව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියනවා. ඔහු වෙනුවෙන් මේ වෙද්දී ඇප ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තිබුනත් තවමත් ඔහු ඉන්නේ පොලිස් අත්අඩංගුවේ.

ඔහුට ලොකු දඬුවක් දෙන්න අපේ රටේ නීතිවලට ලොකු හැකියාවක් නෑ කියලා තමයි ගොඩක් අය කියන්නේ. හැබැයි තවදුරටත් මේ වගේ අමනුස්සයන්ට අමු අමුවේම අහිංසක සත්තු විනාශ කරලා දාන්න අවස්ථාවක් නොලැබෙන විදහට අපි හැමෝම එකට එකතු වෙන්න ඕන වෙලාවක් කියලා තමයි අපිටනම් හිතෙන්නේ. ඕනෑම කෙනෙක් තමන්ගේ ජිවිතයට දක්වන ආදරය මිනිස්සු සත්තු කියලා වෙනසක් නෑ කියන එක මිනිස් ජිවිත ලබපු අපි හැමෝම සිහියේ තබා ගන්න ඕන දෙයක් . මේ වගේ වැඩක් කරන්න කලින් තමන්ට මෙහම වුනොත් දැනෙන වේදනාව මොන වගේ එකක් වේවිද කියල පොඩ්ඩක් හිතන්න අමතක කරන්න එපා කියලත් අද මේ පෝය දවසේ ඔබට මතක් කරන්නම ඕන.

මේ අමුනුස්සයාට දෙන්න ඕන දඬුවම මොකද්ද ? ලංකාවේ නීතියට අනූව දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න බලධාරීන් කැප විය යුතුමයි.

රිද්මි පතිරණ
gossip lanka