gossip lanka

මැලේරියාවට නව එන්නතක්‌ කෙන්යාවේ දරුවන්ට බෙදා හැරේ !

මැලේරියාව සඳහා ලොව ප්‍රථම එන්නත කෙන්යාව තුළ බෙදා හැරීම ආරම්භ කර තිබේ.

 මෙය එරට දරුවන්ට ලබා දෙන අනෙකුත් එන්නත් අතරට එක්‌ කෙරේ. ඉදිරි වසර තුන තුළ එරට දරුවන් ලක්‌ෂ තුනකට මෙම එන්නත ලබාදීම සිදු කෙරේ.


 වාර්ෂිකව මැලේරියාව වැළඳීම නිසා ලොව පුරා ලක්‌ෂ හතරක ජනතාවක්‌ මිය යති. මෙයින් වැඩිම පිරිස දරුවන්ය.

 නව එන්නත සමඟ මෙම මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවනු ඇත.
gossip lanka