gossip lanka

අන්තර්ජාලයේ කැරකෙන වීඩියෝවක් ගැන ටික් ටොක් ලෝචනාගෙන් සැර උත්තරයක්

ටික් ටොක් වීඩියෝ හරහා ලංකාවේ රසිකයන් දහස් ගණනකගේ ආදරය දිනා ගත්ත ලෝචනා ජයකොඩිට පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුනා. ඒ ඇයට සමාන රූපයක් තියන තරුණියක්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශනයක් ලෝචනා කියලා හඳුන්වමින් අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වීමත් එක්කයි.


ඉතින් මේ සිදුවීමත් එක්කම දැඩි අපහසුතාවයට පත් වුන ලෝචනා අද ඇයගේ Facebook පිටුවේ සංවේදී සටහනක් තබා තිබුණා.

මේ විදියෙ බොරු ප්‍රචාර නිසා අපහසුතාවයට පත් වුන ලංකාවේ ප්‍රසිද්ධ කාන්තාවන් කොයි තරම් දුක් වෙන්න ඇතිද කියල ලෝචනා හොඳටම දැන ගත්ත බවත් මෙහෙම අවස්ථාවකත් තමන්ව අතහරින්නෙ නැතුව ලඟින් ඉන්න අය ගැන සතුටු වෙනව කියලත් ඇය සඳහන් කරල තිබුණා.


gossip lanka