gossip lanka

බන්ධනාගාරයේ ඉන්න ඛංජිපානි බලන්න ආපු තාත්තයි සහෝදරයයි පෙට්ටියේ දාගෙන ආපු දේ මාට්ටු වෙයි

ඛංජිපානි ඉම්රාන් බැලීමට බුස්ස බන්ධනාගාරයට පැමිණි ඔහුගේ පියා සහෝදරයා ඇතුළු හය දෙනකු රැගෙන ආ කෑම පෙට්ටියේ සෙට් එකපතුලේ සුක්ෂමව සගවා තිබු ජංගම දුර කතන දෙකක් සහ පෝන් චාජර් දෙකක් කැම පෙට්ටිය පරීක්ෂා කිරීමේ දී බන්ධනාගාර නිළධාරීන් විසින් සොයා ගෙන ඇත.

මත් ද්‍රව්‍ය චෝදනා යටතේ සහ පොලිස් නිළධාරීන් දෙදනකුට දුරකථනයෙන් මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඛංජිපානි බුස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

සිරකරු දිනය යෙදී ඇති (12) රැදවියන්ට ආහාර පාන නිවෙස් වලින් ගෙන ඒමට දී ඇති අවසරය  ප්‍රයෝජනයට ගනිමින් මෙම ක්‍රියාව සිදුකර තිබේ.

රත්ගම පොලීසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

රත්ගම ගුණපාල ඉරත්නවල්ලි
gossip lanka