gossip lanka

සුළු දේකට මාව අල්ලලා, මට ලිහිල් දඬුවමක් දෙන්න - කංජිපානිගෙන් ඇපෑලක්

මත්ද්‍රව්‍ය ජාවාරම් කප්පම් මිනීමැරුම් සම්බන්ධ නඩු 28 ක සැකකරුවෙකු වන පාතාල නායක කංජිපානි ඉම්රාන් කංසා කිලෝ 05 ග්‍රෑම් 300ක් සමග හසුවීමේ වරදකට මේවනවිට වසර 6 ක සිර දඩුවම් විඳී ඔහුගේ අනෙක් නඩුද ඒ අතර විභාග වෙයි.

කංසා ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට
වරද පිළිගත් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඬුවම දැඩි බව පෙන්වා දෙන මේ ජාත්‍යන්තර මන්ද්‍රව්‍ය ජාවාරම්කරු  කංජිපානි ඉම්රාන්  එම දඬුවම ලිහිල් කරන්නැයි ඊයේ (04දා) අභියාචනයකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණේය.

ඔහුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙන පසුබිමක මෙම ඉල්ලීම කර තිබේ.

විත්තිකරුට එරහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබූ අතර, එම චෝදනාවන්ගෙන් එක් චෝදනාවකට වසර 03 බැගින් චෝදනා දෙකට වසර 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා, එම සිරදඬුවම වෙන වෙනම ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

2013 සැප්තැම්බර් මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේදී නීත්‍යානුකුලු බලපත්‍රයක් නොමැතිව කංසා කිලෝ 05 ග්‍රෑම් 300ක් ළඟ තබාගැනීම හා එම කංසා ප්‍රමාණය. ජාවාරම් කිරීම යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබිණි.

 අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිර්පත් කරන කංජිපානි ඉම්රාන්  තමන්ට එරෙහිව නගා තිබූ චෝදනාවන් සම්බන්ධයෙන් නඩු විභාගයට නොගොස් තමට ඉඩ ලැබුණු මුල්ම අවස්ථාවේදී තමන් වරද පිළිගත් බවත්, එලෙස වරද පිළිගත් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඩුවම දැඩි බවත් පෙන්වාදී ඇත.
එහෙයින් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඩුවම ඉවත දමා තමන්ට අත්හිටවූ සිරදඬුවමක් හෝ අඩු දඩුවමක් හෝ නියම කරන්නැයි විත්තිකරු අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
gossip lanka