gossip lanka

සුළි කුණාටුවකින් ජපානයේ නිවාස ලක්‍ෂ නවයක් අඳුරේ !

ජපානයේ ටෝකියෝ අගනුවරට බලපා ඇති ෆසායි සුුළි කුණාටුව හේතුවෙන් නිවාස ලක්‍ෂ නවයකට විදුලිය ඇනහිට තිබේ.

 පැයට කිලෝමීටර් 210 ක වේගයෙන් හමා ගිය මෙම සුළි කුණාටුව මෑතකදී ජපානයට බලපෑ දරුණුතම සුළි කුණාටුවයි.


 එම කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් 130 ක් අවලංගු කර තිබේ.

 එසේම දුම්රිය සේවාවක්ද නතර කර දමා ඇත.

 කනගාවා නගරයේද විදුලිබලය මුළුමනින්ම ඇනහිට තිබේ.

 රග්බි ලෝක ශූරතාව සඳහා ජපානය සූදානම් වන අතරතුර මෙම සුළි කුණාටුව පැමිණිම එම කටයුතුවලටද බාධාවක් වී තිබේ.

 රග්බි ලෝක කුසලානය සඳහා විදේශිකයන් ලක්‍ෂ හතරක් ජපානයට පැමිණෙති.

gossip lanka