gossip lanka

පෙම්වතා සමග වීඩියෝවක් අන්තර්ජාලයට දැමීම ඉස්ලාම් නීතියට පටහැනියැයි කියා තරුණියක් මරා දමයි

සිය පෙම්වතා සමග සිටින වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීම ඉස්ලාම් නීතියට පටහැනි බව පවසා 21 වියැති පලස්තීන ජාතික ඉස්රා ග්‍රයබීබ් නමැති තරුණියක් ඇයගේ පියා සහ සොහොයුරා විසින් අමානුෂික ලෙස මරා දමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.


ඇයට නිවැසියන් විසින් පහරදී ඇති අතර අනතුරුව ඇය ජීවත්වූ නිවසේ දෙවන මහලේ සිට බිමට වැටීමෙන් පසුව අසල සිටි පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි ඇයට යලිත් වතාවක් රෝහලේදී ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඊට දින කිහිපයකට පසු මියගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
gossip lanka