gossip lanka

සිසුවියන් කිහිප දෙනෙකු අපයෝජනය කළ හෝමාගම ටියුෂන් ගුරා වැඩ වරද්ද ගනී

හෝමාගම ගොඩගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියක් තුළදී එහි සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කළ බව කියන උපකාරක පංති ගුරුවරයෙකු අද (11) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය සඳහන් කළා.


සැකකාර පෞද්ගලික උපකාරක පංති ගුරුවරයා පංති කාමරය තුළ ඉගැන්වීම් කටයුතු සිදු කරන අතරතුර අපයෝජනය කර ඇති බවට සිසුවියන් තිදෙනෙකු විසින් කොළඹ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල කර තිබෙනවා.

ඒ අනුව සැකකාර ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
gossip lanka