gossip lanka

නිවසේ දමා ගිය 8 හැවිරිදි දියණියට බාප්පා කරපු නරුම වැඩේ මවගේ අතටම මාට්ටු වෙයි

අට හැවිරිදි පාසල් සිසුවියකට ඇගේ බාප්පා විසින් අතවරකර ඇතැයි හිනිදුම පොලිසිය පවසනවා.

හිනිදුම හල්විටිගල දාම්මල පදිංචි 26 හැවිරිදි සැකකරු රැකියාවට කුලී වැඩ කරන පුද්ගලයෙක්.

මෙම දැරියගේ පියා මීට කලකට පෙර මිය ගිය පසු ඇගේ මව සැකකරු සමග දෙවන වරට විවාහවී තිබෙනවා.


එම විවාහයෙන් සැකකරුට දාව වසර එකක් වයස කුඩා දරුවෙකු සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය නව වන දින දැරියගේ මව නිවසින් පිටව ගොස් ආපසු පැමිණෙන විට සැකකරු විසින් තම දියණියට අතවර කරන අයුරු සියැසින් දැකීම නිසා මේ පිළිබද පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

සැකකරු විසින් තමාට මිට පෙරද කීප වරක්ම අතවර කළ බවද දැරිය තම මවට පවසා තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට හිනිදුම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
gossip lanka