gossip lanka

නීතියෙන් වෙන්වුවත් රහසේම පෙම් කරන සුපිරි බොලිවුඩ් නළු රිතික් සහ සුසෑන් - (Photos)

බොලිවුඩයේ ජනප්‍රියම නළුවෙක් රිතික් රෝෂන්වන සහ ඔහුගේ බිරිඳ මේ වන විටත් නීතියෙන් වෙන් වී සිටින බව බොහෝ දෙනෙක් දන්නවා.

නමුත් මේ නීතියෙන් වෙන් වූ යුවල් පසුගිය කාලය පුරාවටම විවිධ ස්ථානවල එකිනෙකා අතර ඉතා කුළුපඟව සිටි පුවත් විදෙස් මාධ්‍ය වර්තා කර තිබුණා.


මේ අලුත් සම්බන්ධය ගැන ඉන්දියානු සඟරාවක් රිතික් රෝෂන්ගෙන් විමසා තිබුණා.

එහිදී රිතික් රෝෂන් පවසා තිබෙන්නේ "සූසෑන් හා මා අතර, තියෙන්නේ කිසිවෙකුට හිතා ගැනීමට නොහැකි සම්බන්ධයක්. තවමත් ඇය මට බිරිඳක්, ඒ වගේම මගේ දරුවන්ට මවක්" ලෙසයි.

මෙම ප්‍රකශයත් සමඟ විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නැවත් වරක් සුසෑන් සහ රිතික් යුවල එකිනෙකා සමඟින් කාලය ගත කරන බවයි.
gossip lanka