gossip lanka

‘‘මොනවා වුනාත් කමක් නෑ කියලා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා වතුරට පැන්නා‘‘ මඩේ එරී දිය යටට යමින් සිටි පවුලක් බේරා ගත් වීරයෝ

අරසපුරකුලම් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ රොන්මඩ සහිත දියවළක ගිලෙමින් සිටි එකම පවුලේ පිරිසක් තම දිවි දෙවැනි කොට මෙලෙස බේරාගත් පුවතක් කිලිනොච්චිය, පුනරීන් ප‍්‍රදේශයෙන් වාර්තා වුනා. කිලිනොච්චිය ආරක්ෂක සේනාවට අයත් 05 වන යාන්ත‍්‍රික පාබල රෙජිමේන්තුවේ හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් තම ජීවිත අවධානම ගැනද නොතකා මෙම වීර ක්‍රියාව සිදුකර තිබුනේ දැඩි වෙහෙසක් දරමින්.


දරුවන් දෙදෙනෙකු, බිරිඳ සහ සැමියෙකු මෙලෙස රොන්මඩෙහි එරී සිට තිබූ අතර  ඔවුන් බේරා දෙන ලෙස පවුලේ බාල දරුවා කෑගසන හඬ ඇසී එම ස්ථානයට ගිය ලාන්ස් කෝප‍්‍රල් ජී. එස්. අමරසිරි සහ ලාන්ස් කෝප‍්‍රල් ජේ. පී. ආරියරත්න මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුනා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලාන්ස් කෝප‍්‍රල් ජේ. පී. ආරියරත්න අප සමඟ මෙලෙස අදහස් දැක්වුවා.

වැව පැත්තෙන් අපිට පොඩි සද්දයක් ඇහුනා. ඊට පස්සෙ අපි එතෙන්ට දුවගෙන යනකොට එතන පොඩි එක්කෙනා අඬනවා අම්මා... අම්මා... කියලා. අනේ ස්වාමී, අනේ ස්වාමී කියලා වැව පෙන්නුවා. එතකොට අපිට හිතුනා මෙතන මොකක් හරි සිදුවීමක් වෙලා තියෙනවා කියලා. මොකද අපි දන්නවා එතන අඩි 30 ක විතර ළිඳක් කපලා තිබුණ තැනක්.අපිට හිතුනා කවුරුහරි මේකට වැටිලා කියලා. මමයි තව හිටියා ලාන්ස් කෝප්‍රල් අමරසිරි කියලා අපි දෙන්න ක්ෂණිකව යුනිෆෝම් එක චේන්ජ් කරගෙන වතුරට පැන්නා.

ඇත්තටම එතන ජීවිත අවධානමක් කියෙනවා කියලා තේරුනා.මොකද එතන මඩ තියෙන තැනක් කියලා තේරෙනවනෙ. කතාවකුත් තියෙනවනෙ දියේ ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා. නමුත් අපිට හිතේ හයියක් ආවා අර දරුවා කෑගහන කොට. අපිටත් මොනවා වුනාත් කමක් නෑ කියලා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා වතුරට පැන්නා. පොඩි කාලෙ තිබුනු ආභාෂයත් එක්ක තමයි ඒ දේ සිද්ධ වුනේ.

වතුරත් එක්ක අඩි 15 - 20 ක් විතර යටට ගියා. ඒත් එක්කම අපිත් අඩි 04 ක් විතර මඩේ එරෙන්න ගියා. ඒ වේල්ලෙ කණ්ඩියට එක අඩියක් තියාගෙන අතගානකොට තමයි අහුවුනේ.
gossip lanka