gossip lanka

“තව ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවක් එන්නට නියමිතයි" - ඥානසාර හිමිගෙන් හෙළිදරව්වක්

“තව ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවක් එන්නට නියමිතයි. ඒක කොයි ආණ්ඩුව ආවත් නවත්තගන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ මේ යන විදියට ගියොත්. මොකද ඔවුන් ඉතාමත් සන්නද්ධයි රට ඇතුළේ. ඉතින් ව්‍යාපාර කරන්න රටක් තියෙන්න ඕනෑ. මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් සියල්ලේම මේ අන්තවාදයට උඩගෙඩි දෙන බලවත් මුස්ලිම් ව්‍යාපාරිකයන් රැකෙන්නේ ගොඩනැඟෙන්නේ ඔය කතා කරන මහා ප්‍රවාහකයන්ගේ තුරුලේයි.”
බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කීය.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේදී පැවැති රැස්වීමක් අමතමිනි.

ඇඹිලිපිටිය උත්සව ශාලාවකදී පැවැති මෙම හමුව සඳහා ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරිකයෝ් පැමිණ සිටියහ.

මෙහිදී ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ.

“ගණන් කළ නොහැකි බිංදු කොච්චරද කියලා කියන්න බැරි විශාල ප්‍රමාණයක් සල්ලි මේ රටට ඇවිල්ලා තියෙනවා. ඩොලර් බිලියන ගණනාවක්. ඒ සල්ලි කොහොමද රටට ආවේ. ඒ සල්ලි මොකටද එන්නේ. අපේ භූමිය ආක්‍රමණය කරනවා. සංස්කෘතිය ආක්‍රමණය කරනවා. අරාබි සංස්කෘතිය ගොඩනඟමින් මහා සංස්කෘතියට අභියෝග කරනවා.

අපි මොනවා කතාකළත් රට දෙකට බෙදිලා ඉවරයි. බැංකු පද්ධතිය විනාශ කළා. අරාබි පාසල්, ළදරු පාසල් ක්‍රමයක් තියෙනවා රටේ. මද්‍රසා පාසලුත් දැන් තියෙනවා. කල්බදු සමාගම් හතරක් ඒ අයගේ. කාති උසාවි ඇවිල්ලා. කෝ එක මන්ත්‍රිවරයෙක් වත් මේ ගැන කතාකරනවාද. බලය තියෙනකොට මේවට විසඳුම් හොයන්නේ නැතිව මොකටද මේ ආපසු බලය ඉල්ලන්නේ.

ඒ නිසා ප්‍රතිපත්තියක් විදියට අපි තීරණය කළා වොයිස් කට් දෙන්නෙත් නැහැ, මාධ්‍ය හමු පවත්වන්නෙත් නැහැ. මිනිස්සු මූණට මූණ හම්බවෙලා පැරැණි සන්නිවේදන ක්‍රමය අනුව කතා කරනවා. මේ මාධ්‍යවේදීන් එක්ක තියෙන තරහට නෙවෙයි. මොකද ඒ ආයතන හසුරුවන්නේ දේශපාලකයෝමයි.

මේ අපි කතා කරන වෙලාවෙත් කස්ටම් එකේ ස්කෑන් මැෂින් වැඩ කරන්නේ නැහැ. කුණු ලොරි ගෙනාවා ස්කෑන්වලට අහු වුණේ නැද්ද? කොහාමද මේවා වෙන්නේ. අවි ආයුධ හම්බ වුණා. මේවා ඔය ස්ථාන දෙක තුනෙන් ඇතුළට එනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැනේ. ඒ සියල්ලම ඔවුන්ගේ අතට ගිහිල්ලා ඉවරයි. දේශපාලකයෝ විතරක් නෙවෙයි මේ රටේ නිලධාරීන් බහුතරයක් අල්ලසට යටවෙලා. ඔවුන්ට ඕනෑ සල්ලි විතරයි.

සමහර කස්ටම් එකේ නිලධාරීන්ගේ දරුවන්ට තෑගි අරන්දීලා තියෙන්නේ හෙලිකොප්ටර්ස්. එහෙම තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මේ ආකාරයට කෝටි තිස් හතළිස් දාහක් මාසිකව බදු ආදායම් අහිමි වෙනවා.

කොහොම වුණත් අපි මේක හදන්න ඕනෑ. මේක ගැන කතාකරන්න ඕනෑ. අපි මේවට බයවෙලා බැහැ. මේවත් එක්ක ගැටෙන එක ත්‍රස්තවාදීන් එක්ක හැප්පෙනවා වගේ තමයි. නමුත් අපි දැන්මම මේවා කතා කරලා සාකච්ඡා කර නොගත්තොත් ඉතා දරුණු ඛේදවාචකයකට අපිට අනාගතයේ මූණදෙන්න වෙනවා. මේවා යථා තත්ත්වයට පත් කරයි කියලා අපිට දේශපාලනඥයන් දිහා බලාගෙන ඉන්න බෑ. මොකද ඒ අය මේවා කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.”

ඇඹිලිපිටිය - රූපසේන පත්තුව
gossip lanka