gossip lanka

නිවසේ තනිව සිටි 69 හැවිරිදි වයෝවෘද්ධ කාත්නාවක අමානුෂික ලෙස දූෂණය කළ 31 හැවිරිදි නරුමයා වැඩ වරද්දා ගනී

මධ්‍යම රාත්‍රි 12ට නිවෙසකට ඇතුළු වූ 31 හැවිරිදි අයකු එම නිවෙසේ තනිව සිටි 69 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් මහ රෑම නාවා පිරිසුදු කොට පසුව ඇය දූෂණය කිරීමේ චෝදනාවට සැකකරු මෙම මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළා.


ගම්පොළ පොලිස් වසමට අයත් වැටකේදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වුණා.

අතවරයට පත් කාන්තාව සිවුදරු මවක් වන අතර එම දරුවෝ විවාහ වී සිටින බවයි වාර්තා වන්නේ.

ඇය එක් දරුවකුගේ බිරිය (ලේලි) සමඟ මෙම නිවෙසේ සිට ඇති අතර එම ලේලියට හදිසියේම නාවලපිටිය ප්‍රදේශයේ ඇති ඇගේ මහ ගෙදරට යෑමට සිදුව තිබෙනවා.

මේ බව දැනගත් මෙම වයෝවෘද්ධ මාතාව සිටින නිවෙස අසල පදිංචි 31 හැවිරිදි සැකකරු මහ රෑ මෙසේ එම නිවෙසට ගොස් ඇය බිය ගන්වා වතුර කරාමය අසලට රැගෙන ගොස් ඇය නාවා ඇත්තේ දැඩි සීතලද නොතකමිනුයි.

පසුව ඔහු ඉතා අමානුෂික ලෙස ඇය දූෂණය කර ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු අවිවාහකයකු වන අතර ඔහු සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මාධව බණ්ඩාර
gossip lanka