gossip lanka

කාටත් රහසින් තරුණ තරුණියන් පිරිසක් පානදුරේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයට සිද්ධ වෙච්ච දේ !

පානදුර තල්පිටිය සංචාරක හෝටලයක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් පෙරේදා (01දා) රාත්‍රි වටලා ගංජා, කේරළ ගංජා සමඟ තරුණයන් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගත් බව හොරණ සුරාබදු ස්ථානය පවසනවා.

සන්ඩේ සෙෂන් ලෙස නම් කර තිබූ මෙම සාදය සදහා තරුණ තරුණියන් 150කට අධික පිරිසක් සහභාගි වී සිටි බවයි වාර්තා වන්නේ.


මුහුණු පොතේ පළ කළ දැන්වීමක් අනුව මේ සඳහා සහභාගි වන තරුණයන්ගෙන් සවස 6.00 සිට රාත්‍රි ‍ෙදාළහ දක්වා රුපියල් දෙදහසක මුදලක්ද තරුණියන්ගෙන් රුපියල් දහසක මුදලක්ද, අය කර තිබූ බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව සුරාබදු කාර්යාලය සඳහන් කළා.

තරුණ සුරාබදු නිලධාරීන් සිවුදෙනකු උපාය දූතයන් ලෙස ෆේස්බුක් සාදය සඳහා යොමු කර ලබාගත් රහසිගත තොරතුරු අනුව වැටලීම කර තිබෙනවා.

හෝටල් භූමියේ කෙළවරකට වන්නට ඇති එළිමහන් පිටියක අඩඅඳුරු ආලෝකයක් සහිත සංගීත රාවයක් මැද පැවැත්වූ සාදය සඳහා සහභාගි වී සිට සියලුම තරුණ තරුණියන් විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කර බමන මතින් සිට ඇති අතර වැටලීම කළ අවස්ථාවේ කිසිදු මත්ද්‍රව්‍යයක් ඔවුන් සතුව නොවූයෙන් දැඩි ලෙස අවවාද කර මුදාහැරීමට කටයුතු කළ බව හොරණ සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා පැවසුවා.

අත්අඩංගුවට ගත් තරුණයන් 11දෙනා පානදුර, කළුතර, මොරටුව ඇතුළු අවට ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
gossip lanka