gossip lanka

මත්පැන් සමග වසත් ශරීරගත වෙලා : කොහේ ගියත් පිහියක්‌ අතැතිව ගමන් කළ දෙදරු පියාගේ මරණය ගැන විවෘත තීන්දුවක්‌ !

මෙසේ මියගොස්‌ සිටින්නේ මගේ විවාහක ස්‌වාමිපුරුෂයාය. මොහු නිතරම නිවසේදී මටත් දරුවන්ටත් පහර දෙනවා. බේරෙන්න බැරිම තැන වසර ගණනකට පෙර අප ජීවත් වූ නිවස බිත්තියක්‌ බැඳ මැදින් වෙන් කර සැමියා වෙනම උයා පිහාගෙන කමින් වෙන්ව ජීවත් වුණා. එහෙත් කොහේ ගියත් පිහියක්‌ අතැතිව ගමන් කළා. අපි පමණක්‌ නොව, ගමේ අයත් මොහුගේ අසාමාන්‍ය හැසිරීම නිසා ඔහු සමග ඇසුරක්‌ තිබුණේ නැහැ.


සිද්ධිය වූ දින ඔහුගේ කාමරයේ දොර ජනෙල් විවෘතව තිබුණා. කිසිම ශබ්දයක්‌ ඇසුණේ නැහැ. පසුව දුව ජෙ න්ලයෙන් එබී බලන විට නිවස තුළ සැමියා වැටී සිටිනවා දැක්‌කා. පසුව අහල පහල අයටද සිද්ධිය කිව්වා. පොලිසියට දැනුම් දුන් පසු නිවස තුළට ඔවුන් ගොස්‌ බලන විට වස කුප්පියක්‌ හා අරක්‌කු බෝතලයක්‌ ඇඳ ළඟ තිබුණා. අතේ තිබූ පිහිය ද අසල තිබුණා.'

දිව්ලම්පිටියගේ පොඩිමැණිකේ නමැති දෙදරු මවක්‌ එසේ ප්‍රකාහ කළේ බළන්ගොඩ මූලික රෝහලේ පැවැති මුහන්දිරම්ලාගේ ප්‍රේමසිරි ආනන්ද කුලරත්න නමැති අයගේ මරණය පිළිබඳ පරීක්‍ෂණයේදීය.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය එල්. කේ. සී. ඩී. ආරියරත්න මහතා විසින් සිදු කළ අතර සාක්‍ෂි මෙහෙයවීම පො. සැ. (25775) මංගල වීරසේකර මහතා විසින් සිදු කරනු ලැබීය.

වැලිගෙපොල කොට්‌ඨාසයේ හදිසි මරණ පරීක්‍ෂක එස්‌. එම්. අයි. ඩී. මීගස්‌දෙනිය මහතා මරණය පිළිබඳ විවෘත තීන්දුවක්‌ ලබා දෙමින් ප්‍රකාශ කළේ මත්පැන් සහ වස ශරීර ගතව ඇති නමුත් වෛද්‍ය වාර්තාවේ සඳහන් පරිදි ශරීරයේ කොටස්‌ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යෑවීමට වෛද්‍යවරයා කර තිබූ නිර්දේශය ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගනු ලබන බවයි.
gossip lanka