gossip lanka

නළුවා වගේ මුහුණු පොතේ ඉඳන් තරුණියන්ගේ හෙළු වැලි පිංතූර ගෙන්නගෙන පස්සෙ කප්පම් ඉල්ලලා.. වයස 13, 14 හා 15 වියේ ළමයිනුත් අහුවෙලා

මුහුණ පොත හරහා ප‍්‍රසිද්ධ නළුවෙක් ලෙසට පෙනී සිටිමින් අලූතින් නිෂ්පාදනය කරන චිත‍්‍රපට සඳහා වයස අවුරුදු 17 ත් 30 ත් අතර කාන්තාවන් බඳවා ගන්නා බවට දැන්වීම් පළ කොට ඔවුන්ගේ ඡුායාරූප සමඟ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඔවුන් බියකර කප්පම් ගැනීමට තැත් කළ බව කියන 23 හැවිරිදි තරුණයකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.


එම තරුණයාගේ ජංගම දුරකථනයේ තරුණියන්ගේ, කාන්තාවන්ගේ හා පාසල් සිසුවියන්ගේ ඡායාරූප ඇතුළු ඔවුන්ගේ නිරුවත් ඡායාරූප 7000 කට අධික ප‍්‍රමාණයක් තිබී ඇත.

එම දැන්වීම් ප‍්‍රචාරවලට රටේ විවිධ ප‍්‍රදේශවල කාන්තාවන් විශාල පිරිසක් ප‍්‍රතිචාර දක්වා තිබේ.

මෙය සිදුකර තිබෙන්නේ ජංගම දුරකථන කෙටි පණිවුඩ ඔස්සේ බව කියැවේ.

කිරිබත්ගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකරනු ලැබූ විමර්ශනයකින් පසුව මෙය හෙළිකර ගැනීමට හැකි වී ඇත.

මුහුණපොත හරහා එම දැන්වීමට ප‍්‍රතිචාරය දක්වන කාන්තාවන්ට පළමුවෙන්ම නම, වයස, ගම හා පාසල විස්තර කෙටි පණිවුඩ මගින් (එස්. එම්. එස්.) එවන ලෙසට දන්වා ඒවා එවූ පසුව සැකකරු විසින් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකු කියා පුද්ගලයකු හඳුන්වාදී එම අධ්‍යක්‍ෂවරයාගේ දුරකථන අංකය කියා ජංගම දුරකථන අංකයක් ලබාදී තිබේ.

එයට වට්ස් ඇප් හරහා පළමුව සාමාන්‍ය ඡායාරූප 10 ක් ගෙන්වාගෙන දෙවනුව ‘හොට්’ ඡායාරූප 10 ක් ද ගෙන්වාගෙන තෙවැනුව ‘බිකිනි’ ඡායාරූප 25 ක් ද ගෙන්වාගෙන පසුව සිරුරේ රහස් පෙදෙස් ආශ‍්‍රිතව වීඩියෝ දර්ශන ද එවන ලෙසට දන්වා ගෙන්වාගෙන ඇත.

පසුව එම ඡායාරූප සකස් කරන්නට ලක්‍ෂ 1 1/2 ක පමණ මුදලක් වැය වී තිබෙන බව පවසා රුපියල් පනස් දහසක් එවන ලෙසට එම කාන්තාවන්ට දන්වා තිබේ.

මෙවැනි මුදලක් දෙන්නට ළඟ නැති බවට කාන්තාවන් කී විට මුදල් දීමට නොහැකි නම් තනියම ඇවිත් තමා හමු වී මොනවා හරි දෙයක් දෙන්න, නැතිනම් එම ඡායාරූප තාත්තාට හා පවුලේ අයට පෙන්වනවා කියා මොහු තර්ජනය කර ඇතැයි පැවසේ.

එම දැන්වීම් ප‍්‍රචාරයට වයස අවුරුදු 13, 14 හා 15 යන වියේ පාසල් ළමුන් ද මුළා වී ඇත.

එම සැකකරු කඩවත ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අවිවාහක තරුණයකු වන අතර ඔහු පුද්ගලික ආයතනයක රැුකියාවක නිරත වී සිටී.

මේ සැකකරු මහර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කැලණිය සහකාර පොලිස් අධිකාරි (1) රෝෂාන් රාජපක්‍ෂ මහතාගේ අධීක්‍ෂණය යටතේ කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්. කේ. පී. ටී. සුබසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එම්. ඒ. සඳනුවන්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා සුගන්ධි හා පො. කො. ජයලත් (73251) යන නිලධාරීහු මේ පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ පවත්වති.
gossip lanka