gossip lanka

දික්කසාද සැමියා පිහියක් අරන් අනින්න ගෙට රිංගද්දී බිරිඳ හා නැන්දම්මාගේ පොලූ පහරින් ජීවිතක්‍ෂයට

දික්කසාද බිරිඳ සහ බිරිඳගේ මව (නැන්දම්මා) විසින් පොලූවලින් පහරදී පුද්ගලයකු මරා දැමීමේ සිද්ධියක් පිළිබඳව ඇල්පිටිය පොලිිසිය පරීක්‍ෂණ පවත්වයි.

සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ඇල්පිටිය, අටකොහොට, නව`දගල, කුමාරසිංහ මාවත ලිපිනයේ පදිංචිව සිටි ඉලන්දාරිදේව චින්තක රුවන් කුමාර (35) නමැත්තෙකි.


මරණකරු සිය බිරිඳගෙන් නීත්‍යනුකූලව වෙන්ව සිට ඇත. සිද්ධිය වූ 06 දා රාත‍්‍රියේ මරණකරු දික්කසාද බිරිඳ සහ නැන්දම්මා පදිංචි නිවසට පිහියක් රැුගෙන ගොස් දෙදෙනාට පහරදී පිහියෙන් ඇනීමට උත්සාහ දරා ඇත.

ඒ අවස්ථාවේදී දික්කසාද බිරිඳ සහ ඇගේ අම්මා විසින් පොලූවලින් පහරදී මරණකරු නිවස තුළම මරා දමා ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළිවූ බව මේ පිළිබඳ පරීක්‍ෂණ මෙහෙයවන ඇල්පිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙවිල් ද සිල්වා මහතා ‘දිවයින’ට පැවසීය.

සිද්ධිය සැලවූ වහාම සිද්ධිය වූ ස්ථානයේ ස්ථාන පරීක්‍ෂණයට ගිය ඇල්පිටිය වැඩබලන මහෙස්ත‍්‍රාත් දුමින්ද ලේල්වලහෙට්ටි මහතා, සිද්ධියට අදාළ සැකකාරියන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසට පොලිසියට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාරියන් වන ඇල්පිටිය, නවඳගල, අටකොහොට, කුමාරසිංහ මාවතේ පදිංචිකාරියන් වන පේරුතන්ත‍්‍රිගේ ආරියලතා සහ පයාගලගේ අනෝජා කුමාරි නමැත්තියන් මේ මස 16 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඇල්පිටිය වැඩබලන මහෙස්ත‍්‍රාත් දුමින්ද ලේල්වලහෙට්ටි මහතා ඉකුත් 07 දා නියෝග කළේය.

ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් මත ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ඇල්පිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙවිල් ද සිල්වා මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පොලිස් පරීක්‍ෂණ පවත්වති.

ඇල්පිටිය - විදානආරච්චි කීර්තිරත්න, නියාගම - විල්සන්ට් විජේසිංහ
gossip lanka