gossip lanka

තරබාරුකම ගැන කටමැත දෙඩූ ඊජ්ප්තු නිවේදිකාවට ජනමාධ්‍ය තහනම් වෙයි

රූපවාහිනි වැඩසටහනක් අතරතුර තරබාරු පුද්ගලයන් ගැන මතභේදාත්මක අදහස් පළ කල ඊජීප්තු නිවේදිකාවකට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීම තහනම් කොට තිබෙනවා.

මේ ගැන නිවේදනය කරන ඊජිප්තුවේ මාධ්‍ය නියාමන අධිකාරීන් පෙන්වා දෙන්නේ Reham Saee නිවේදිකාව ඊජිප්තුවේ කාන්තාවන්ට අපහාස වන ආකාරයේ වචන භාවිතා කර ඇති බවයි.


තරබාරු කාන්තාවන් පවුලටත් තම රටටත් හිරිහැරයක් බව තම වැඩසටහන අතරතුරදී Saee විසින් පවසා තිබෙනවා.

මේ ගැන තම Instagram ගිණුමේ සටහනක් තබමින් Saee තමා විනීතව හැසිරුණු බව අවධාරණය කර තිබුණා. නමුත් සමාජ මාධ්‍ය තුල ඇගේ මේ ක්‍රියාකලාපය ගැන බොහෝ විවේචන එල්ල වන ආකරය හඳුනා ගන්නට පුළුවන්.
gossip lanka