gossip lanka

මැච් එක පැරදුණේ කටක ලග්නය නිසයි... පණ දාගෙන ක‍්‍රිකට් ගැහැව්වාට Cricket by Chance !

2019.08.25 වැනි දින ‘ඉරිදා දිවයිනේ’ නැකත අතිරේකයට ශ‍්‍රියානි ද සේරම් මහත්මිය විසින් සංවාදයට විවෘත කරමින් ලියන ලද ‘ජ්‍යෝතිෂ අනාවැකි සත්‍යද?’ යන ලිපිය හා බැඳේ.


 2015 ජන. 08 වැනිදා සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග මන්ද මානසිකත්වයෙන් පෙළෙන කොටසක් ජ්‍යෝතිෂයට ගැරහීමට පටන් ගෙන තිබේ. ඔවුන්ගේ තර්ක ඉතාම අතාර්තිකය. ”ඇයි සුනාමිය ගැන නොකිව්වේ?”, ”ඇයි පාස්කු ප‍්‍රහාරය ගැන නොකිව්වේ?”

 ඇත්තටම සුනාමිය ගැන කිව්වාද කියා සොයා බැලූවාද? මගේ කන් දෙකෙන්ම එවැනි අනාවැකියක් ඇසුවෙමි. එකම දේ එතුමා එයට ‘සුනාමිය’ යන වචනය භාවිතා නොකිරීමයි. පාස්කු ප‍්‍රහාරය ගැනත් එක්තරා ජාතික පුවත්පතක සතිඅන්ත ජ්‍යෝතිෂ අතිරේකයක මෙම අනාවැකිය කියා තිබුණි. අමුතුම ප‍්‍රශ්නයක් පැන නගින බවත් කියා තිබුණි.

 අනාවැකියක් කියා තිබුණා නම් වළකාගන්නට තිබුණාලූ. සුනාමිය නවතන්නේ කෙසේද? අනාවැකියක් නිසා අගරදගුරු පාස්කු දේවමෙහෙය නැවැත්වූවා නම්, මොකද වෙන්නේ? අනිත් අතට අනාවැකියකටවත් වඩා විශ්වාස ලෙස ඉන්දීය ඔත්තු සේවය ආරක්ෂක අමාත්‍යාංශයට තොරතුරු දී තිබියදීත් නවත්වා ගත්තාද ජනපති ඔය ප‍්‍රහාරය?

 අප අනාවැකියක් කිව්ව ද එය ගරහමින් ගොන් ආතල් ගන්නා පිරිසක් ඇත. පසුගිය ජුලි මස කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 8 අධිපති බුධ 6 වැන්නට පැමිණ වක‍්‍ර විය. 6 යනු ජල රාශියක් වන කටකයයි. බුධ ළමයින් නියෝජනය කරයි. ඒ නිසා මුහුණු පොතේ මම මෙසේ කිව්වෙමි. ”පාසලේ වතුර ටැංකියෙන් වතුර බොන්න එපා. මේ සැරේ අමුතු ප‍්‍රහාරයක්” මගේ අනාවැකියෙන් සති දෙකකට පමණ පසු බුධගේ නැකතක් ඇති දවසක පාසලෙන් දුන් කිරි විෂවීමෙන් ළමුන් 28 ක් රෝහල් ගත කෙරුණි. ඇත්තටම හොඳින් බැලූවා නම් මට කිරි කියා කීමටත් තිබුණි. හේතුව කටකය අධිපති චන්ද්‍රයා සුදු පැහැය නියෝජනය කරන හෙයිනි.

 ”වතුර ටැංකියෙන් ද කිරි ආවේ? ”ලංකාවේ පාසල් ළමුන් 40000ක් ඉන්න නිසා 28 ක් මොකක්ද? පාස්කුවෙන් 300 ක් මළානේ” කියන අඳ බාලයෝ ද සිටිති. දෙකෝටි විසිලක්ෂයකින් 300 ක් යනු 0045%කි. 40000 කින් 28 ක් යනු 07%කි. අඳ බාලයිනි බලව!

 පසුගිය දිනවල ICC එක් දින ලෝක කුසලානය සඳහා තරග පැවැත්වූවා මතකද? ලෝකෙන්ම නිවැරදි ක‍්‍රිකට් අනාවැකිය කිව්වේ මා පමණයි. මගේ මුහුණු පොතේ පළවූ එම අනාවැකිය දැක කරන ලද ඉල්ලීමකට, ඔස්ටේ‍්‍රලියානු සඟරාවකට ලියා පළවූ ලිපිය කියවා දැන් ඔබේ කුකුසත් නැති කරගන්න.

 ගුරු ශනි ඩබලට සෙල්ලම් කරගත නොහැකි වූ ICC FINAL MATCH එක ලෝකායතන කේන්ද්‍රයට අනුව ලොව ඇති සියලූම රටවල් කුමක් හෝ ලග්නයකට අයත් වේ. ඒ නිසාම ජාත්‍යන්තර කටයුත්තකදී, ගිවිසුම් ගැසීමේදී හෝ වේවා ක‍්‍රීඩාවේදී හෝ වේවා, ඒ අවස්ථාවේදී වඩා වාසිය අයත් වන්නේ කුමන රටකට ද කියා කීමට හොඳ ජ්‍යෝතීර්වේදියකුට හැකියාවක් ඇත. එහිදී ජ්‍යෝතීර්වේදියකුට වැරදුණද ජ්‍යෝතිෂයට වරදින්නේ නැත.

 ක‍්‍රිකට් ක‍්‍රීඩාවට, අනිකුත් ක‍්‍රීඩාවන්ට වඩා කැමැත්තක් අද දැකිය හැක. මෙවර ICC ලෝක කුසලාන අවසන් පූර්ව වටයට එක් පැත්තකින් තරග වැදුණේ එංගලන්තය හා ඔස්ටේ‍්‍රලියාවයි. ඔස්ටේ‍්‍රලියාව අයත් වන්නේ ගුරු හිමි ධනු ලග්නයටය. ධනුවට අධිපති ගුරු මේ දිනවල වක‍්‍රයි. ලග්නාධිපති වක‍්‍රවීම හොඳ නැහැ. ඒ වගේම ගුරු ඉන්නේ වෘශ්චිකයේ. ඒ කියන්නේ ගුරු ඔස්ටේ‍්‍රලියානු හඳහනේ 12 හේ කොටුවේ ය. සාමාන්‍යයෙන් 6, 8, 12 හේ කොටුවල සිටින ග‍්‍රහයන් හොඳ ප‍්‍රතිපල දෙන්නේ නැත. ඒ නිසා ඔස්ටේ‍්‍රලියාවට අගුණයි. මේ අගුණ වඩාත් ත‍්‍රීව‍්‍ර වන්නේ එදා ජුලි 11 වෙනිදා තිබුණේ විසා නැකත නිසයි. මේ නැකත ද අයිති ගුරු ග‍්‍රහයටයි. ඒ නිසා නියත වශයෙන්ම ඔස්ටේ‍්‍රලියාව පරදින බව පෙනුණි.

 මේ රට සමග පූර්ව අවසන් වටයට තරග වැදුණු එංගලන්තය චන්ද්‍රයා හිමි කටක ලග්නයේය. ඒ දිනවල කුජ ග‍්‍රහයා කටකයේ නීච වෙලා. ලග්නයේ ග‍්‍රහයකු නීචවීම අන්තිම නරකයි. ඒ උනාට එරට වාසනාවට කටකයට උච්ච වන ගුරු ග‍්‍රහයා මේ අවස්ථාවේදී, වෘශ්චිකයේ එනම් 5 වෙනි කොටුවේ හිඳිමින් 9 වැන්න වූ කටක ලග්නය දකියි. ඒ නිසා නීච භංග රාජ යෝගයක් උදාවෙයි. මෙය ඉතා ඉහළම ඵල දෙන යෝගයකි. විශේෂයෙන් 5, 9 වැනි ත‍්‍රිකෝණස්ථානයේ සිටින ග‍්‍රහයන් හොඳ ඵල දෙනවාමයි. මේ හේතුන් නිසා එංගලන්තය දිනන බවට මගේ මුහුණු පොතේ දැම්මෙමි.

 එංගලන්තය දිනූ විගස මා මගේ මුහුණු පොතේ මෙවැනි පුදුම අනාවැකියක් දැම්මෙමි.

 ”මෙච්චර දවස් ක‍්‍රිකට් ගැහැව්වේ ග‍්‍රහයන්. හැබැයි final match එක ගහන්නේ දෙවියන්.”

 ඇයි මා එසේ කියන්නේ කියා අසා, එය මෙසේ විස්තර කෙරුවෙමි. එංගලන්තයත් එක්ක අන්තිම මැච් එක ගහන්න ආවේ නවසීලන්තයයි. මේ රටවල් දෙකම කටක ලග්නයටයි අයිති. නවසීලන්තය එතැනට ආවේ ඉන්දියාව සමග තරග වැදී ජයගෙනය. ඉන්දියාව මකර ලග්නයට අයත්ය. එහි අධිපති ශනි ග‍්‍රහයා ද මේ දිනවල වක‍්‍රය. ඉතින් ලග්නාධිපතිගේ දුබලතාවය නිසාත් නවසීලන්තයේ ප‍්‍රබල ග‍්‍රහ තත්ත්වය නිසාත් ඒ රට දින්නේය.

 ඉතින් මේ රටවල් දෙකම කටක ලග්නය නියෝජනය කරන නිසා මේ සැරේ ග‍්‍රහයන්ට ගහන්න බෑ ක‍්‍රිකට් කොහොමත්. ඒ නිසයි මේ match එක දෙවියන් ගහන්නේ. දෙවියන් ගහපු මැච් එකට මිනිසුන් දුන් තීන්දුව වැරදියි නේද? දෙපාරක්ම දෙවියන් කිව්වේ සම ශූරතාවය දෙන්න කියායි.

 දැන් මගේ පාඨකයන්ට ග‍්‍රහයන් සහ ක‍්‍රිකට් ගැන තව ටිකක් කියන්නද ඔබේ දැණුම පිණිස? මතකද ශ‍්‍රී ලංකාව 2014 දී 20:20 දින්නා? එහෙම දිනපු අප අවුරුද්ද ගෙවෙන්නත් ඉස්සර ඉන්දියාව ඉදිරියේ මාර පරාජයට ලක්වුණා මතකද? ඇයි ඒ? ඔන්න එදා ග‍්‍රහ තත්ත්වය.

 ඉන්දියාව මකර ලග්නයේ. ලංකාව කුම්භ ලග්නයේ. රටවල් දෙකම අයිති ශනි ග‍්‍රහයාට. ශනි උච්ච බලයෙන් තුලා රාශිගතව හිටියා. ඒ අනුව ඉන්දියාවට ශනි සිටියේ 10 වෙනි කොටුවේය. එහෙත් ලංකා කේන්ද්‍රයේ ශනි සිටියේ පෙර පින් පලදෙන 9 වැනි කොටුවේ. මා කලිනුත් කිව්වානේ 5, 9 වෙනි කොටුවල ඉන්න ග‍්‍රහයා ශුභ ඵල දෙනවාමයි කියා.

 එදා අප‍්‍රියෙල් 6 වෙනිදා අපේ වාසනාවට නැකත අධිපති රාහු සිටියේත් 9 වැනි කොටුවේය. එසේම ගුරු ග‍්‍රහයා ශනිට ත‍්‍රිකෝණ දෘෂ්ටියක් හෙළාගෙන සිටියේය. මේ දෘෂ්ටිය රටවල් දෙකටම පොදු වුවත් ගුරු සිටියේ ලංකා කේන්ද්‍රයේ 5 වැනි කොටුවේය.

 එහෙත් එම අවුරුද්දේ ම නොවැම්බර් 2 වෙනිදා ශනි තුලා රාශියෙන් වෘශ්චික රාශියට මාරු විය. එනම් ලංකා කේන්ද්‍රයේ 10 වැනි කොටුවටය. ඉන්දීය කේන්ද්‍රයේ අය ස්ථානය වන 11 වෙනි කොටුවටය. ලැබීම් පෙන්වන්නේ එම කොටුවෙන්ය.

 ඉතින් ග‍්‍රහ ලෝකයේ හිඟන්නා වන ශනිට මදියි නොකියන්න හිඟමන් ලැබෙන්නේ මෙතැනදීය. තවද උච්ච ගුරුට මේ වෙලාවේ ශනිව ත‍්‍රිකෝණ දෘෂ්ටියෙන් දැකගන්නට ලැබෙන නමුත් මේ වෙලාවේ ගුරු ලංකා කේන්ද්‍රයේ සිටින්නේ සතුරු ස්ථානය වන 6 වැන්නේය. එයයි අපේ පරාජයට හේතු වුණේ.

 කවුරුවත් මෙපමණ කල් නොදැන සිටියද වැඩියෙන්ම ක‍්‍රිකට් ගසා ඇත්තේ ගුරු සහ ශනි ඩබලය.

 දැන් තේරෙනවා නේද පණ දාගෙන ක‍්‍රිකට් ගැහැව්වාට Cricket by Chance කියා?

 තිලකා රන්දෙනි
gossip lanka