gossip lanka

බ්‍රිතාන්‍ය අගමැති හා ලාබාල පෙම්වතිය අතරට ආ අලුත් අමුත්තා - (Photos)

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය කැරි සිමොන්ඩිස් ඔවුන්ගේ නිල සුරතලා ලෙස තෝරාගෙන ඇත්තේ 'ඩිලින්' නැමැති සති 15ක් වයසැති ජැක්රසන් බලු පැටවෙක්.

ඩිලින් බලු සුරතලා බ්‍රිතාන්‍ය අගමැතිවරයාට හිමිවූයේ දකුණු වේල්සයේ 'ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ඇනිමල්ස් වේල්ස්' නම් සතුන් පිහිටුවීමේ සංවිධානය හරහා යි.


ඒම සංවිධානයේ සාමාජිකයින්, ලන්ඩන් අගනුවර අංක 10 ඩවුනින් වීදියේ බ්‍රිතාන්‍ය අගමැති නිල නිවසට ඩිලින් රැගෙන ඒද්දි ඊට පුළුල් මාධ්‍ය ආවරණයක්ද ලැබුණා.

"සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් අගමැති ජොන්සන් කවදත් කැපවී සිටිනවා. ඔහු සතුන්ට ආදරෙයි..." යැයි අගමැති ජොන්සන්ගේ ප්‍රකාශකයෙක් මාධ්‍ය හමුවේ පැවසුවා.

අංක 10 ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේ බළල් සුරතලෙක් ද වාසය කරනවා.

'ලැරී' නම් මෙම බළලාට හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ගේ මැදිහත්වීමෙන් අගමැති නිල නිවසේ රැකවරණය හිමිවූයේ 2007 වසරේදීයි.

අද වන විට ලැරීගේ වයස අවුරුදු 12ක්.

ඩේවිඩ් කැමරන් අගමැති ධූරයෙන් ඉවත් වුවත්, ඉන්පසු අගමැතිධූරයට පත්වූ තෙරේසා මේ, 'ලැරී' භාර ගත්තා.

බොරිස් අගමැති ධූරයට පත්වූයේ තේරේසාට එම ධූරය අහිමි වීමත් සමඟ යි.

ඩවුනින් විදීයට පැමිණි අලුත් බලු සුරතලා හා බළල් සුරතලා ලැරී අතර ගැටුමක් ඇති වේ යැයි බියක් හටගෙන ඇති නමුත්, ඩවුනින් වීදියේ ප්‍රකාශකයෙකු මාධ්‍ය හමුවේ කියා සිටියේ, 'බළල් සුරතලා ලැරී, උගේ පාඩුවේ ජිවත් වන' බැවින්, සුරතලුන් අතර ගැටුම්කාරි තත්ත්වයක් උදා නොවනු ඇති බවයි.

(ඩේලිමේල් ඇසරිනි.)
gossip lanka