gossip lanka

"ඇත්තටම මට දීප්තිමත් රාත්‍රීයක් තිබුණා, ඒත් මම දැන් කැතයි.." - සුරූපී තරුණියක් විරූපි කරමින් මැරවරයෙකු ඇගෙන් පළිගත් හැටි - (Photos)

27 හැවිරිදි වියේ පසුවන රූපලාවන්‍ය ශිල්පිණියකට මැරවරයෙකු පහර දී මුහුණට හානි කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම වාර්තා වන්නෙ එංගලන්තයෙන්.

"එමා ක්ලාක්" නම් මෙම තරුණිය පසුගිය ඉරිදා නිව්කසාල් නගර මධ්‍යයේ පැවති රූපලාවන්‍ය තරඟයක් (Calendar Girls) නිමවී නිවස බලා යමින් සිටියදීයි මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තෙ.


ඇයගේ බිදුණු නාසය පිළිසකර කිරීම සඳහා සැත්කමක් කළ යුතු බවයි වෛද්‍යවරු සඳහන් කරන්නෙ.

මෙම පහරදීම සම්බන්ධයෙන් සැකපිට 55 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

"මට කිවිසුම් යවද්දිත් මහා වේදනාවක් දැනෙනවා. ඇත්තටම මට දීප්තිමත් රාත්‍රීයක් තිබුණා. තරඟය හරිම අපූරුයි.. ඒත් මම දැන් කැතයි. මම දැන් විනාශ වෙමිනුයි ඉන්නෙ.." ඇය මාධ්‍යයට එසේ සඳහන් කර තිබුණා.
gossip lanka