gossip lanka

3 හැවිරිදි දැරියගේ යටඇඳුම් බිරිඳට අන්දවා ගණිකා සේවයේ යොදවන්න ගිය 38 හැවිරිදි නරුම සැමියාට සිද්ධ වෙච්ච දේ !

බිරියට පහරදී 3 හැවිරිදි දැරියගේ යට ඇඳුම් බිරියට අන්දවා නිවස ඉදිරිපිට මාර්ගයේ අඩනිරුවතින් යවා ගණිකා සේවයේ යොදවා මුදල් ඉපයීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසනවා.


පිහියක් අමෝරාගත් පුද්ගලයෙකු බණ්ඩාරගම, කොතලාවල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිට අඩනිරුවතින් සිටින කාන්තාවකට බැන වදින බවට ත්‍රීරෝද රථ රියදුරෙකු ගැලනිගම ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ මාර්ගබාධකයේ සිටි නිලධාරින්ට කළ දැනුම් දීමකට අනුව ජංගම සංචාරක රථයේ නිලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ බව පොලීසිය සඳහන් කළා.

විවාහ දෙකක් කරගෙන තිබූ මෙම සැකකරුගෙන් ලද මඟහැරුණු ඇමතුමක් අනුව නිකවැරටිය පදිංචි කාන්තාව මීට වසර පහකට පමණ පෙරදී මොහු හඳුනාගෙන මෙම නිවසේ පදිංචියට පැමිණ ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

ගෙවුණු වසර 5 තුළ සැකකරුට දාව වසර තුනක දියණියක් හා වසරක පමණ පුතුද ඇයට ලැබී ඇති අතර සැකකරු මත්පැන් පානය කර පැමිණ පහරදීම සිදුකර තිබූ බවයි වාර්තා වන්නෙ.

ඒ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිලි අනුව අවස්ථා කිහිපයකදී දෙදෙනා සමඟි කර යැවූ බව පොලීසිය පවසනවා.

දින කිහිපයක් සමඟියෙන් සිටිය ද මත්පැන් පානය කර පැමිණ යලි පුරුදු හැසිරීම සැකකරු සිදු කර ඇති බව සඳහන්.

මෙම සැකකරු අවස්ථා කිහිපයකදීම ඔහුගේ බිරිඳගේ යට ඇඳුම් හා අනෙකුත් ඇඳුම් ඇඳ කාන්තා වෙස් ගෙන මාර්ගය අසළ රැඳී සිටීම පුරුද්දක් කරගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එම පුරුද්ද අතහල සැකකරු මෑත කාලයක සිට ඔහුගේ බිරිඳට පහර දී 3 හැවරිදි දැරියගේ යට ඇඳුම් ඇඳගන්නා ලෙස බලකර නිවස ඉදිරිපිට මාර්ගය අසළ අඩ නිරුවතින් තබා ගණිකා සේවය සඳහා යොදවා මත්පැන්වලට මුදල් සොයා දෙන ලෙස තර්ජනය කර තිබූ බවයි පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නෙ.

38 හැවිරිදි සැකකරු වෘත්තියෙන් විදුලි කාර්මිකයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
gossip lanka