gossip lanka

කුණාටුවෙන් පසු අතුරුදන් වූ බහමාස්‌ වැසියන් 1300 මියගියා දැයි සැකයක්‌

බහමාස්‌ දූපත්වලට බලපෑ ඩොරියන් සුළි කුණාටුවෙන් පසු අතුරුදන්ව සිටින එරට වැසියන් සංඛ්‍යාව 1300 ක්‌ බව එරට රජය පවසයි.

සුළි කුණාටුවෙන් පසු 2500 දෙනකු අතුරුදන්ව සිටිය ද එයින් 1200 ක පිරිසක්‌ තාවකාලික කඳවුරුවල ජීවත් වන බව මේ වනවිට තහවුරු කර ගෙන තිබේ.


ඉතිරි 1300 දෙනා බොහෝදුරට මිය යන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ඔවුන්ගේ සිරුරු සුන්බුන් අතර සිරවී ඇතැයි සැක කෙරේ. එම සුන්බුන් ඉවත් කිරීම දිගටම සිදු කෙරෙන අතර මේ වනවිට මළ සිරුරු පනහක්‌ හමුවී තිබේ.

සැප්තැම්බර් 01 වැනිදා ඩෝරියන් සුළි කුණාටුව බහමාස්‌ දූපත් හරහා හමා ගියේ පැයට කිලෝමීටර් 295 ක වේගයෙනි.

දහස්‌ ගණන් බහමාස්‌ වැසියෝ තවමත් තාවකාලික කඳවුරුවල වාසය කරති.
gossip lanka