gossip lanka

ලොව ඉහළම ආදායමක් උපයන නළුවන් අතරට සුපිරි නළු අක්ෂේ

2019 වසරේ වැඩිම ආදායමක් උපයාගත් සිනමා නළුවන්ගේ ලැයිස්තුව පසුගියදා ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එහි පළමු තැන හිමිව ඇත්තේ සුපිරි නළු ඩිවොන් ජොන්සන්ටයි. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 84.9ක් වෙනවා.
මෙම ලැයිස්තුවේ දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිව ඇත්තේ ‘මාවල්’ සුපිරි වීරයන් වූ ක්‍රිස් හෙම්ස්වර්ත් (තෝර්), රොබට් ඩිවොනි (අයන් මෑන්) දෙදෙනාටයි. බොලිවුඩයේ දක්ෂ හා ජනප්‍රිය නළුවෙකු වූ ආක්ෂේ කුමාර් මෙම ලැයිස්තුවේ සිවුවැනි තැන දිනාගෙන ඇති බවයි සදහන් වන්නේ. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක් බවත්  සඳහන් වෙනවා.
gossip lanka