gossip lanka

වසර 6ක් පෙම් කළ තම පෙම්වතිය ළිඳකට දමා ඝාතනය කරන්න ගිය පෙම්වතාට අත්වූ ඉරණම

සය වසක්‌ පුරා පණට පණමෙන් පෙම්කළ තම පෙම්වතිය පිළිබඳ උරණ වී ඇය ළිඳක්‌ තුළට දමා ඝාතනය කිරීමට තැත්කළ විත්තිකාර පෙම්වතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමෙන් අනතුරුව එම විත්තිකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කරනු ලැබුවා.


ඇප නියමවූ විත්තිකරුවූයේ අඹගස්‌හන්දිය දිවුලපිටිය පාර පදිංචි 34 හැවිරිදි වෑල්ඩින් කාර්මිකයෙක්.

2008 ජුනි මස 19 වැනි දින කටාන දෙමන්හන්දිය ප්‍රදේශයේදී විත්තිකරු විසින් පෙම්වතිය ළිඳට දමා ඝාතනය කිරීම තැත් කිරීම සම්බන්ධයෙන් විත්තිකරු අධිචෝදනා ලැබ තිබුණා.
gossip lanka