gossip lanka

ඉනි කපන්න යමු කියා 8 හැවිරිදි සිසුවාට අතවර කළ හෙට්‌ටිමුල්ලේ 73 හැවිරිදි පීටර් මාමාට අත් වූ ඉරණම

8 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඉනි කැපීම සඳහා යෑයි රවටා කැඳවාගෙන ගොස්‌ එම සිසුවාට ලිංගික අතවර සිදුකිරීම පිළිබඳව අධිචෝදනා ලබා වරද පිළිගත් 73 හැවිරිදි අයෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා වසර 5 ක සිරදඬුවම් නියම කර රුපියල් 15,000 ක දඩයක්‌ නියම කරනු ලැබුවා.


ඊට අමතරව අතවරයට පත්වූ සිසුවාට රුපියල් 75,000 ක වන්දියක්‌ ගෙවීමට ද වැරදිකරුට නියෝග කෙරුණා.

සිරදඬුවම්, දඩ සහ වන්දි ගෙවීමට නියමවූයේ හෙට්‌ටිමුල්ල ගොඩැල්ලේ පදිංචි බී. ජී. රැපියල් පීටර් නොහොත් පීටර් මාමා නම් 73 හැවිරිදි පුද්ගලයෙක්

2013 දෙසැම්බර් මස 10 වැනිදා මොහු සිසුවාට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ තිබුණා.

විත්තිකරුගේ වයස්‌ගත තත්ත්වයත් චෝදනාවට වරද පිළිගැනීමත් සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවම් නියම කරන ලෙසට විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

රජයේ අධිනීතිඥ මලික්‌ අයීස්‌ මහතා පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා.

- විමල් කීර්ති
gossip lanka