gossip lanka

ඉන්දියාවේ 73 හැවිරිදි කාන්තාවකට නිවුන් දරු උපතක්‌

ඉන්දියාවේ අන්ද්‍ර ප්‍රදේශයේ මත්ගසම්බා සරමාටි නමැති 73 හැවිරිදි කාන්තාවක්‌ නිවුන් දැරියන් දෙදෙනෙකු ප්‍රසූත කර තිබේ.

 දියණියන් දෙදෙනා සහ මව දැනට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරු පවසති. මෙම කාන්තාවන් කෘත්‍රිම ලෙස ගැබ් ගන්වන ලදී.

 ඇගේ සැමියා 82 හැවිරිදිය. මෙම දෙදෙනා වසර ගණනාවක්‌ දරුවන් නොමැතිව සමාජයේ දැඩි අවමානයට ලක්‌ව සිට ඇත.

 ඒ සඳහා විවිධ ප්‍රතිකාර රැසක්‌ සිදු කළ ද සාර්ථක වී නැත. මෙය තමන්ගේ ජීවිතයේ සතුටුදායකම අවස්‌ථාව බව ඇය පවසන්නීය.
gossip lanka