gossip lanka

බිරිඳ සහ දරුවන් සමග ගමන් බිමන් යන්න රුපියල් 55,000කින් ජීප් රථයක් නිර්මාණය කරපු ගලේවෙල විදුලි කාර්මිකයකුගේ අපූරූ හැකියාවක් මෙන්න - Video

රුපියල් 55,000 ක වියදමකින් පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි  ජීප් රථයක් නිපදවීමට ගලේවෙල ගල්බොක්ක යාය ප්‍රදේශයේ තරුණයෙකු සමත්ව තිබෙනවා.

කුඩා කල සිටම කාර්මික කේෂත්‍රයට ඇලුම්කමක් දක්වා ඇති මෙම තරුණයා බයිසිකල් එන්ජින් ද්විත්වයක් යොදාගෙනයි මෙම නිර්මාණය සිදු කර ඇත්තේ.

36 හැවිරිදි  ඔහු නමින් ඩී.එච්.එම්. සිසිර කුමාරයි.

කුඩා අවධියේ සිටම කාර්මික පැත්තට  ඇලුම්කමක් දැක්වූ ඔහු මේ වනවිට යතුරුපැදියක එන්ජින් ද්විත්වයක් යොදාගෙන පස් දෙනෙකුට ගමන් කළ හැකි මෙම ජීප් රථය නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක්.

මෙම අපූරු ජීප් රථය පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයකින් ගමන් කිරීමට හැකි අතර විශේෂයෙන් සංචාරක කර්මාන්තය සඳහා ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ මෙය නිෂ්පාදනය කළ බව සිසිර කුමාර පවසනවා.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ ඔහු විදුලි කාර්මිකයකු මෙන්ම පෙදරේරු රැකියාවේ නිරතවන්නෙක් වන අතර නිවසේ සිටින අවස්ථාවන්හිදී ඔහු විවිධ දෑ නිෂ්පාදනය කරන බව පවසනවා.

මෙම වාහනයේ ගියර්,තිරිංග,විදුලි පහන්,පසුපසට ගමන් කිරීමට ආරක්‍ෂිත බද පටි ආදී වාහනයකට අවැසි සියලු උපාංග මේ ජීප් රථයේ පවතිනවා.

කුඩා කාලයේ හෙළිකොප්ටරයක් නිෂ්පාදනය කළ බවත් පසුව කුඩා යතුරුපැදි එන්ජිමක් උපයෝගී කරගෙන පුද්ගලයන් දෙදෙනකුට ගමන් කළ හැකි කුඩා රථයක් නිෂ්පාදනය කළ බවත් පසුව ඔවුහු පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ඉතා ශක්තිමත් මෙම ජීප් රථය නිපදවා තිබෙනවා.

මේ වන විට ධාවන තත්වයේ පවතින මෙම ජීප් රථය ඕනෑම අයකුට පරීක්ෂා කර බලා අඩු මුදලකින් තමාට මෙවැනි ජීප් රථ තවදුරටත් නිෂ්පාදනය කළ හැකි බවත් රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් උදව් උපකාර කරන්නේ නම් මෙරට තුළම මෙවැනි ජීප් රථ නිෂ්පාදනය කළ හැකි බව ඔහු සඳහන් කර සිටිනවා.

ත්‍රිරෝද රථවල යොදන ටයර් සහ ගරාජ් වලින් ඉවතලන විවිධ කොටස් සොයාගෙන ඉදිරිපසට සහ  පසුපසට ද ගමන් කිරීම සාමාන්‍ය වාහනයක තත්වයේ පවතිනවා.

මෙතෙක් මෙම ජීප් රථය පිළිබඳව කිසිවකුගේ අවධානයක් යොමු නොවුණු බවත් ඕනෑම අයකුට තම නිවසට පැමිණ මෙය පරීක්ෂා කිරීමට හැකි බවද ඔහු පවසා සිටිනවා.

ලියාපදිංචි අංකයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයේ පසු වුවද තම ප්‍රදේශයේ පවුල සමඟ ගමන් බිමන් යෑම සිදු කරන බවත් විශාල මුදලක් වියදම් කර විදේශ රටවලින් ගෙන්වන  වාහන අතරට සංචාරක කෂේත්‍රයට සහ පවුලේ වාහනයක් ලෙස මෙරට දීම තමන්ට මෙම ජීප් රථය නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවද ඒ සදහා රජයේ සහයෝගය අවැසි බව ඔහු පෙන්වා දෙනවා.

අදාළ වීඩියෝව පහතින්

gossip lanka