ඥාති පුත්‍රයෙකුගෙන් මුගුරු පහර කෑ 45හැවිරිදි කාන්තාවකට අත් වූ අවාසනාවන්ත ඉරණම

වාලච්චේන - කොණ්ඩයන්කේනි ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට මුගුරකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පහරදීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මියගිය කාන්තාවගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකුු බවට ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
gossip lanka