gossip lanka

විග්නේස්වරන්ගේ රථ පෙලපාලියට ආපු කොල්ලෝ පොලිස් නිළධාරින්ට නොහොබිනා වැඩක් කරලා, ලොකු සද්දෙකුත් දාලා !

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතාගේ රථ පෙලපාලියකට සහභාගී වූ තරුණයින් පිරිසක් 11 දා පොලිස් නිලධාරීන්ව සමච්චලයට ලක් කොට තිබේ.


විග්නේස්වරන් මහතාගේ දේශපාලන පක්ෂය වන දෙමළ ජනතා සන්ධානයේ (TMK) පක්ෂ කාර්යාලයක් වවුනියාවේ පිහිටුවීම සදහා ඔහු පැමිණෙද්දී විශාල පිරිසක් රථ පෙලපාලියකින් පැමිණ ඇති අතර මෙහිදී යතුරු පැදිවල නැගී පැමිණි විශාල පිරිසක් ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) නොපැලද පැමිණීම නිසා පොලීසිය ඔවුන්ට නතර කරණ ලෙස සංඥා කොට ඇතත් ඔවුන් යතුරු පැදි නතර කොට නොමැත.

යතුරු පැදි නතර නොකල ඔවුන් කෑ කෝ ගසමින් අත් සොලවමින් පොලිස් නිලධාරීන් සමච්චලයට හා අවමානයට ලක් කොට මේ රථ පෙලපාලියේ ගමන් කොට තිබේ.

වවුනියාවේ තාණ්ඩික්කුලම ප්‍රදේශයේදී සිදු වූ මේ සිදුවීම පිළිබදව පොලීසිය වාහන වල පැමිණි එක් සංවිධායකවරයෙකුගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් සමග බහින් බස් වී තිබේ.

මෙසේ පැමිණි වාහන පෙලපාලිය මැද එක් වාහනයක  සී.වී.විග්නේස්වරන් මහතා සිටි නමුත් ඔහු මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් කොට නොමැත.

මේ සිද්ධිය පිළිබදව වවුනියාව පොලීසිය පුලුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ


gossip lanka