gossip lanka

පියාව ඝාතනය කරන්න ඇවිත් නිවසේ සිටි දියණිය සහ පුතුට කඩුවකින් කොටා 28 හැවිරිදි තරුණයා කරපු අහස පොළොව නුහුළන අපරාධය - (video)

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී තරුණියක් සහ ඇයගේ සහෝදරයා ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, අපජල ගැටලුවක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඊයේ පෙරවරුවේ 10 ට පමණ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ගාල්ල පතිරණගේ ගිම්හානි නමැති වයස අවුරුදු 19 ක තරුණියක් සහ සහන් මෙත්සර නම් වයස අවුරුදු 8 ක් වූ ඇයගේ සහෝදරයායි.

හලාවත - පුත්තලම මාර්ගයේ වයික්කාල මංසන්ධියේ සැකකරු විසින් සුප් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එහි ජලය යාබද ඉඩමකට ගලායාම හේතුවෙන් දෙපාර්ශ්වය අතර කලක සිට ආරවුලක් මතුව තිබුණා.

මේ පිළිබඳ අදත් දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන ඇති අතර සැකකරු විසින් ඝාතනයට ලක්වූ දරුවන්ගේ පියා සොයාගෙන එම නිවසට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා නිවසේ සිට නැහැ.

කෙසේ වෙතත්, නිවසින් පිටතට පැමිණි දරුවන් දෙදෙනාට සැකකරු කඩුවකින් පහර දී තිබෙනවා.

පොලීසිය පැවසුවේ, බරපතළ තුවාල ලබා සිටි ඔවුන් මාරවිල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි.

"ළමයාව ගන්න සෑහෙන්න ඔට්ටු වුණා එතනින් අපි. දුව අතන අයිනේ වැටිලා හිටියා. පුතාව අරගෙන අක්කා ගියානේ. මාව ආයිත් එව්වානේ අම්මාව බලන්න. එතකොට අම්මා වැටිලා හිටියා බිම.
නැහැ අම්මාට තුවාල තිබුණේ නැහැ. අම්මාව තල්ලු කරලා දාලා ගිහිල්ලා. අම්මා බිම වැටිලා හිටියා ඔහොමම. ඊට පස්සේ මම අම්මාව අරගෙන පොඩි දුවට දුන්නා දුව ආච්චිව තියන්න කියලා. ඒ කියලා තමයි මම ආයිත් පාරට දිව්වේ. පාරට දුවලා ආයිත් මෙහෙන් එනකොට මේ ළමයි කෑගැහුවා අනිත් දුවත් වැටිලා ඉන්නවා කියලා අර මුල්ලේ. ඊට පස්සේ එයාවත් අරගෙන අපි විගහට, මම උදව් ඉල්ලලා ගිය එක එක්කෙනාගෙන් පාරට කවුරුත් ආවෙ නැහැ. ඊට පස්සේ එහා ගෙදර එක්කෙනා කාරෙක අරගෙන ඇවිල්ලා අහක්වෙලා දුව දාගෙන ගියා".

පහරදීම සිදුකළ 28 හැවිරිදි ඉෂාන් ප්‍රදීප් නම් සැකකරු පසුව වෙන්නප්පුව පොලීසියට භාර වී තිබෙනවා.

යොවුන් වියේ තරුණියකට සහ හෙට ලොව ජයගැනීමේ අපේක්ෂාවෙන් පසුවූ දරුවෙකුට මේ වනවිටත් සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ, සාකච්ඡා කර විසඳා ගත හැකි ගැටලු, වැඩිහිටියන් විසින් කෙටි මාර්ග ඔස්සේ විසඳා ගැනීමට යාමේ ප්‍රතිඵල නිසා නොවේද..?
gossip lanka