මුහුණු පොත හරහා යහළු වූ තරුණියගේ පිටුපෑම ඉවසා ගත නොහැකිව ඊයේ (27) අලූයම 18 හැවිරිදි පාසල් සිසුවකු ගෙල වැලලා ගෙන මිය ගොස් ඇතැයි වාන්ඇල පොලිසිය පවසනවා.
මිය ගොස් ඇත්තේ වාන්ඇල ඩෝසර් පාරේ පදිංචි 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.එම් අමිල නිරෝෂන් නම් සිසුවෙක්.
මීට වසරකට පමණ ඉහත දී මුහුණු පොත හරහා මෙම දෙදෙනා යාළුවී ඇති අතර මිය ගිය දිනට පෙර දින රාත්‍රී 10 වනතුරු එස්.එම්.එස්. හරහා පණිවිඩ යවමින් සිට ඇති බවත්, ඇතිවූ යම් අමනාපයක් හේතුවෙන් සිය කාමරයේදී දිවි නසා ගෙන මිය ගොස් ඇති බවත් පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කන්තලේ මූලික රෝහලේ දී ඊයේ සිදු කිරීමට නියමිතව තිබුණා.
ෆේස්බුක් පෙම්වතිය අමනාප වුණු දුකට, 18 හැවිරිදි පාසල් සිසුවෙක් ගෙළ වැළලාගෙන අවසන් ගමන් යයි
2019-08-27T20:26:00-07:00
Gossip Lanka Hot News
slide|