ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ දුන් Sushant Singh Rajput මේ වනවිට විවාහ වීමට තිරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බොලිවුඩ් ටෙලි නාට්‍යය හා සිනමා නිළියන් කිහිප දෙනෙකුටම පෙම් කළ සුශන්ත් මෙසේ විවාහ වීමට තිරණය කර ඇත්තේද නවක බොලිවුඩ් සිනමා නිළියක් වූ රිහා චක්‍රබෝර්ති සමගයි.
ඔහු මිට වසර ගණනාවක ප්‍රේම සම්බන්ධයකින් අනතුරුව විවාහ වී ඇත්තේ රංගන ශිල්පිනියක් වූ Ankita Lokhande සමගයි. ඇයගෙන් වෙන් වූ Sushant තරුණ ජනප්‍රිය නිලියන් කිහිපදෙනෙකුටම පෙම්වතා වී තිබෙනවා.
ඒ සියලු බැදීම් අවසන් කළ Sushant රිහාව විවාහ කරගැනීමට බලාපොරොත්තුවෙන් ඇති බවයි සදහන් වන්නේ. නළුවෙක්, නිවේදකයෙක් වගේම ව්‍යාපාරිකයෙක්, ධනවත් පුද්ගලයෙක් වූ ඔහු කිසිදාක ඉන්දීය චිත්‍රපටයකින් හෝ ටෙලි නාට්‍යයකින් මොවුන් දෙදෙනා එකට රංගනයෙන් දායක වී නොමැති අතර, සුශාන්ත් හා රිහාගේ ආදර සම්බන්ධය කෙසේ ගොඩනැගුණාද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනවා. කෙසේ වෙතත්, ලැබෙන ආරංචි වලට අනුව රිහා හා සුශන්ත් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ මෑතකදී බව සඳහන්.
තරුණියන් කිහිපදෙනෙකුට පෙම්වතා වූ සුපිරි නළු සුශාන්ත් යළිත් විවාහ වෙන්න තිරණය කරයි - (Photos)
2019-08-30T21:59:00-07:00
Gossip Lanka Hot News
slide|