ගෝඨා එක්ක හැප්පෙන්න ප්‍රධාන දේශපාලන පක්ෂයක් යටතේ සන්ධාන තුනකින් එන UNP අපේක්ෂකයා

ප්‍රධාන පක්ෂයක නායකත්වයෙන් පිහිටුවන සන්ධාන තුනක් යටතේ ඊළඟ අලුතින් හිතන ජනාධිපති අපේක්ෂකයා මේ මස අවසානයේ ප්‍රකාශයට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කළ ‘දෑ අභිමානී’ සම්මාන පිරිනැමීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.


මෙහිදී ඉදිකිරීම් කටයුතුවල නිරත යකඩ මිනිසුන් අගයා සම්මාන පිරිනැමීමකට අග්‍රාමාත්‍යවරයා එක්විය.

මෙහිදී තවදුරටත් කතා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

“ඉන්න හිතෙන රටක් නිර්මාණය කිරීමට නම් මේ තිබෙන දේශපාලනය වෙනස් කළ යුතුයි කියලා තමයි හැමෝම කියන්නේ.

මේ දේශපාලනය වෙනස් කළ යුතුයි කියලා මම හිතනවා. අලුතින් හිතලා අලුත් ගමනක් යායුතුයි. මමත් ඉන්නේ ඒ ස්ථාවරයෙයි. දේශපාලනයේ ඉදිරියට යන්න, ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට යන්න අවශ්‍යයි. සන්ධානයක් පිහිටුවීමට සාකච්ඡා සිදුවෙනවා. අපි එකමුතුව එක්සත්ව එක ගමනක් යන්න ශක්තිමත් සන්ධානයක් පිහිටුවනවා. අද තිබෙන පරිවර්තනයට අනුව මේ රටේ දේශපාලනය වෙනස් වෙලා. දැන් තියෙන්නේ සන්ධාන දේශපාලන ක්‍රමයක්. සන්ධාන තුනක් ඇති වෙන්න යනවා. ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකත්වය යටතේ මේ සන්ධාන තුන ඇති වෙනවා. අදහසින් අලුත් විය යුතුයි. ඒ අනුව අලුත් සන්ධානයක් පිහිටුවිය යුතුයි. අලුත් අදහස් නැතිව අලුත් සන්ධාන අවශ්‍ය නෑ. මේ මාසේ අවසන් වෙන්න කලින් ඒ සන්ධානය පිහිටුවනවා.”

ශිරාන් රණසිංහ
gossip lanka