සිය බාලවයස්කාර පෙම්වතිය ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයාට සිදු වූ දේ !

තම පෙම්වතිය ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයකු පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටත් අපයෝජනයට ලක්වූ පෙම්වතිය අභය ළමා නිවාසය භාරයේ තැබීමටත් තඹුත්තේගම වැඩබලන මහෙස්ත‍්‍රාත් කුමාරි හේරත් මහත්මිය ඉකුත්දා නියෝග කළාය.

 මේ අයුරින් රක්ෂිත බන්ධනාගාර ගතකළ තරුණයා පහල හල්මිල්ලෑව, නොච්චියාගම පදිංචි 16 හැවිරිදි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙකි. තරුණිය 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියකි.

දැරියගේ මව විදේශ ගතවී ඇති අතර ඇයගේ පියා කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක් කරන නිසා දැරිය හැදී වැඞී ඇත්තේ ඇගේ මිත්තණිය භාරයේය. මිත්තනිය නැති අවස්ථාවල පැමිණි තරුණයා අතින් දැරිය අපයෝජනයට ලක්වී ඇත.

ගම්වාසීන් ළමාරක්ෂක අධිකාරියට දැනුම් දීමෙන් පසු එම ආයතනය මගින් තඹුත්තේගම පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය විසින් සැකකාර තරුණයා හා අදාළ දැරිය පොලිස් භාරයට ගෙන ඇත.

තම සේවාදායකයන් දෙදෙනා පේ‍්‍රමවන්තයන් වන අතර ඔවුන් නිසි කල වයස එළඹුණ විට විවාහ වීමට බලාපොරොත්තු වන බැවින් හා සැකකරු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙකු බැවින් සානුකම්පිතව සළකා ඇප මත මුදාහරින ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ‍්‍රී ලාල් මහෙෂ් තලංගල්ල මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියද වැඩබලන මහෙස්ත‍්‍රාත්වරිය ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළාය.

තඹුත්තේගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. එන්. ජේ. අතුකෝරළ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො.ප. සුනිල්, කා.පො.සැ. නදීකා (5587), පො.කො. වරුන් වන පියසිරි (34151), පේ‍්‍රමසිරි (30447), ප‍්‍රනාන්දු යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර පො.කො. පියදාස (30668) මහතා අදාළ දැරිය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
gossip lanka