ශ්‍රීලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාණ් හා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ ඇතුලු පිරිසක් විසින් වවුනියාවේ දුෂ්කර ගම්මානයක පන්සලකට අවශ්‍යව තිබූ චෛත්‍යක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තබනු ලැබීය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් එච්.ජේ.එස්. ගුණවර්ධන මහතා විසින් අලගල්ල, තීරුවේගම විහාරස්ථානයට අවශ්‍යව තිබූ චෛත්‍ය ඉදිකිරීම් පිළිබඳව සොයාබලා එයට මූල්‍යාධාර ලබා දෙන පිරිස් දැනුවත් කිරීමෙන් පසදුව මෙසේ චෛත්‍ය ඉදිකිරීම වෙනුවෙන් මූල්‍යාධාර ලැබී ඇත.
ඒ අනුව චෛත්‍ය ඉදිකිරීම වෙනුවෙන් මූලය දායකත්වය ලබා දෙන සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාණ්, ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ, ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී අනුර එලියපුර යන අයගේ සහභාගීත්වයෙන් හා වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා 21 වන සේනංකාධිපති මේජර් ජෙනරල් කුමාර් ජයපතිරණ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ලාල්කිත්සිරි යන අයගේ සහභාගීත්වයෙන් ඉදිකිරීමට නියමිත නව චෛත්‍ය වෙනුවෙන් මුල්ගල තැබූ අතර චෛත්‍ය ඉදිකිරීමට මූල්‍ය දායකත්වය ලබා දීමට අමතරව චෛත්‍ය පූරණ ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ යුද හමුදා ශ්‍රමදායකත්වය යොදාගෙනය.
මුලතිව් ශෂිකුමාර්
තිලකරත්න ඩිල්ෂාන්, සුනිල් එදිරිසිංහ ඇතුලු පිරිසක් වව්නියාවේ පන්සලක කරන්න ගිය වැඩේ
2019-08-27T21:17:00-07:00
Gossip Lanka Hot News
slide|