දේශගුණ විපර්‍යාස ගැන කතා කරමින් ලොවටම ආදර්ශ සපයන Tik Tok සාමාජිකයෝ !

Tik Tok සමාජ ජාලය භවිතා කරන පරිශීලකයන් මේ වන විට ලෝකය මුහුණ දෙමින් සිටින දේශගුණික විපර්‍යාස ගැන දැනුවත් කිරීමට අලුත්ම ක්‍රමවේදයක් භාවිතා කරන බව දැකගන්නට ලැබෙනවා.

එම සාමාජිකයන් නොයෙකුත් ආකාරයේ වෙස් ගැන්වීම් සහ ime-lapse video භාවිතා කරමින් තම ප්‍රේක්ෂකයන් මේ සම්බන්දයෙන් අවදියෙන් තබන්නට කටයුතු කරන ආකාරය දැකගන්නට පුළුවන්.


ඔවුන් මෙම ප්‍රචාරය සඳහා භාවිතා කරන #Globalwarnin ටැග් එකට අදාල වීඩියෝ පට මිලියන 24කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් විසින් මේ වන විට නරඹා තිබෙනවා.

කෙටි වීඩියෝ දර්ශන ඔස්සේ මෙම දේශගුණ විපර්‍යාස මගින් මිනිසාට සහ පෘථිවියට සිදුවිය හැකි අන්තරායන් පෙන්වා දෙනවා.

මෙම වීඩියෝ දර්ශන නරඹන ප්‍රේක්ෂකයන්ද ඒ සම්බදයෙන් යහපත් ප්‍රතිචාර දක්වා ඇති ආකාරයද හඳුනා ගන්න පුළුවන්.

විශේෂයෙන්ම Tik Tok වැනි විනෝදාස්වාදය සපයන සමාජ ජාලයක් කොතරම් වැදගත් කටයුතු සඳහා භාවිතා කල හැකිද යන්න ඔවුන් ලෝකයටම ආදර්ශයක් සපයනවා.
gossip lanka